පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙයි – කාලගුණ අනාවැකිය

Date:

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 540ක් පමණ ඊසාන දෙසින් 11.4N අක්ෂාංශ සහ දේශාංශ 84.6E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, ක්‍රමයෙන් දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී, තමිල්නාඩු-පුදුචෙරි වෙරළ වෙත ලඟා වීමේ වැඩි හැකියාවක් පවතී.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු වෙරලබඩ ප්‍රදේශවලත් උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 700 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

අද (03) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 03) දිනයේදී උතුරු, උතුරු-මැද...

සුළිකුණාටු ව්‍යසනය හමුවේ ආණ්ඩුවේ අනාගතය ….

ඉතිහාසයේ දුර්වලම ආපදා කළමණාකරනය තියෙන්නෙ මේ ආන්ඩුව යටතේ. හේතුව...

සංචාරක පැමිණීම ලක්ෂ 21 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2025 නොවැම්බර් නොවැම්බර් මාසයේදී මෙරටට පැමිණ...