සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට…

Date:

සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ අවධානය…

දුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වන විට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්ව වල අදහස් ලබාගැනීම සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, ත්‍රී රෝද රථ සංගමය, පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඇතුළු ප්‍රවාහන සේවා නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉන්ධන මිල මහළ යාම, වාහන ආනයනයට පනවා ඇති සීමා සහ වාහන අමතරකොටස් සම්බන්ධයෙන් පනවා ඇති සීමා හේතුවෙන් ඔවුන්ට දැඩි අපහසුතාවන්ට මුහුනපෑමට සිදු වී ඇති බවයි. විශේෂයෙන්ම වාහන ටයර ඇතුළු අමතර කොටස් වල මිළ 300% පමණ ඉහළ ගොස් ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. එසේම වාහන අමතර කොටස් හිඟය හේතුවෙන් බස් රථ, පාසැල් වෑන් රථ සහ ත්‍රී රෝද රථ ඇතුළු ප්‍රවාහනය සඳහා භාවිත වන රථ වාහන අඩුවෙමින් පවතින බවද මෙම නියෝජිතයෝ පෙන්වා දුන්හ.

මෙහිදී මෙම සියලු තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් යෝජනා කිහිපයක් කමිටුව විසින් ඉදිරිපත් කරන බව අනු කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අනුව වැදගත් යෝජනාවක් ලෙස මගී පහසුව ඇති කිරීම සඳහා මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම යෝජනා කරන බව ඒ මහතා පැවසීය.

මේ අනුව මෙම සියලු යෝජනාවල එකතුවක් දෙසැම්බර් මස ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය නසීර් අහමඩ් රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිවනේසන්තුරෙයි චන්ද්‍රකාන්තන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් යන මහත්වරු සහභාගී වූහ.

රෂිකා හෙන්නායක
2022.11.23

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...