ඉංග්‍රීසි අධ්‍යාපනය ක්‍රමානුකූලව පෙර පාසලටත් ගෙනෙමු – සජිත්ගෙන් යෝජනාවක්

Date:

නීති විද්‍යාලයේ පමණක් නොව පෙරපාසලේ සිට මෙරට අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවිය යුතු ලෙස වෙනස් විය යුතු බවත් මීට පෙර සිංහල පමණක් යැයි කියූ නිසා පරම්පරා ගණනාවකට අහිමි වූ ඒ වරප්‍රසාදය නිසා නැවත සවිබල ගැන්වීම මේ මොහොතේ සිට වුව ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය නමුත් එය එකවර සිදු නොවිය යුතු බවත් ක්‍රමානුකූලව සිදුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දෙන සිසු දරුවන් පෙරේදා (24) හමුවූ බවත් එහි දී ඉංග්‍රීසි භාෂාවෙන් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙතෙක් කාලයක් සිංහල සහ දමිළ භාෂාවෙන් ඉගෙන ගත් සිසුන්ට එකවර ඉංග්‍රීසි භාෂාවෙන් විභාගය පැවැත්වීමට තීරණය කිරීම අසාධාරණ හෙයින් ඒ සඳහා ටික කාලයක් ගෙන එම තීරණය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටියේය.

මේ සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් නොකර නීති සිසුන්ට සහ අදාළ ක්‍රමවේදයට අසාධාරණයක් නොවන ආකාරයට සාකච්ඡා මාර්ගයෙන් මේ සඳහා විසදුමක් ලබා ගන්නා ලෙස විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...