ශ්‍රී ලංකා ක්‍රිකට් ඇඳුම ගැන කියූ කතා…

Date:

ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම රටට අපකිර්තියක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ එය සිදු නොවිය යුත්තක් බවය.

ආසියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ඔට්ටු ඇල්ලීමේ ආයතනයක් නිල අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ඊයේ (26) පාර්ලිමේන්තුවේදී විපක්ෂය පළ කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා,

“මේ තියෙන්නේ ආසියානු තරගාවලියේ නිල ලංඡනය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලංඡනය තියෙනවා. fairplay තියෙනවා. අපේ ක්‍රීඩකයින්ගේ ඇඳුමේ ගහලා තියෙනවා. මේ ආයතනය betting and gaming company එකක්. මේක අපේ රටේ ක්‍රීඩකයින්ගේ ඇඳුමේ ගහපුවාහම මොකක්ද අපේ රටේ ක්‍රිකට්වලට අතිවෙන ඉරණම. අපේ ක්‍රීඩකයෝ ආලෙවි වෙනවා කියලා සැකකරන්න වෙනවා නේද?”

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

“ඔබතුමා කිව්ව fairplay ආයතනය betting ආයතනයක් සූදු ආයතනයක් කියන එක.. පැහැදිලිවම දන්නවා. මේක අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් ඇඳගෙන සෙල්ලම් කිරීම මම හිතන්නේ රටට අපකීර්තියක්. මේක නොවිය යුතුයි කියලා අපි දැනුම් දීලා තියෙන්නේ.”

ලෙස පැවසීය.

රෂිකා හෙන්නායක
2022.11.26

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...