රටට ආදරේ නම් හැමෝම රනිල්ට සහාය දිය යුතුයි. පරිණත දේශපාලනඥයා ඔහුයි – වෙල්ගම (VIDEO)

Date:

මේ මොහොතේ රට ගොඩගැනීම සඳහා ඉදිරිපත්ව සිටින පරිණතම අත්දැකීම් සහිත නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් රට වෙනුවෙන් සියලු දෙනාම ඒ මහතාට සහාය ලබාදිය යුතු බවත් නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

“මම එහෙම කියන්න හේතුවක් තියෙනවා. අපි ගත්තොත් අපේ පවුලක තාත්තාට තමයි අත්දැකීම් තියෙන්නෙ. තාත්තාට තියෙන අත්දැකීම් මට නෑනෙ. ඒ අත්දැකීම් මට ඇතිවෙන්නෙ මම ඒ වයසට ගියාම. ඒ වගේ තමයි දැනට ඉන්න දේශපාලනඥයින්ගෙන් හොඳ අත්දැකීම් තියෙන නායකයා රනිල්. මිනිස්සු අතර ජනප්‍රිය නැතිවෙන්න පුළුවන්, ඒක මම පිළිගන්නවා ඉතින් එතුමා මිනිස්සු අතර ජනප්‍රිය නැති එක. නමුත් ජාත්‍යන්තරයට කතා කරලා මේ රට ගොඩදාන්න ඉදිරිපත් වෙලා ඉන්න නායකයින්ගෙන් එක්කෙනෙක් තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඉතින් අපට යුතුකමක් තියෙනවා අපි රට ගැන හිතනවා නම්, අපි රටට ආදරේ කරනවා නම්, අපේ පුංචි දරුවන්ට ආදරේ කරනවා නම් දැනට ඉන්න නායකයාට අපේ සහයෝගය දීලා කොහොම හරි කරලා මේ රට ගොඩගන්න අපි සියලු දෙනාම ඒකරාශී විය යුතුයි. ඒකයි මම කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි දැනට ඉන්න පරිණත දේශපාලනඥයා”

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) පස්වරුවේ මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...