ඔෂේනියා කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

Date:

ටොංගා දූපත ආශ්‍රිතව හටගෙන ඇති සුනාමි තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු ඔෂේනියා කලාපයේ රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, ජපානය යන රටවල්ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දකුණු පැසිෆික් සාගරයේ දියයට ගිනි කන්දක් පුපුරා යාම හේතුවෙන් ටොංගා රාජ්‍යයේ විශාලතම දූපත වන ටොංගාටපු දූපතට සුනාමි තත්වයක් ඇති වූ අතර මීට අමතරව ජපානය සහ හවායි දූපත්වලටද සාමාන්‍ය සුනාමි තත්වයක් ඇතිව තිබේ.

මෙසේ පුපුරා ගියේ ටොංගා දූපතට ගිණිකොන දෙසින් කිලෝමීටර් 30 ක් දුරින් පිහිටි හුංගා ටොංගා හුංගා හාපායි නමින් හඳුන්වන ගිනි කන්දයි. එම ගිනි කන්ද පළමුවරට පසුගිය සිකුරාදා පුපුරා ගිය අතර ප්‍රබල පිපිරීම සිදුවූයේ ඊයේ පස්වරුවේයි. පිපිරීම හේතුවෙන් අළු සහ ගෑස් වාෂ්ප කිලෝමීටර් 20 ක් ඉහළට විහිදී ගියේය.

ටොංගා වැසියන්ට සුනාමි රළ පහරට පමණක් නොව අළු වැස්සකටද මුහුණදීමට සිදුවිය.

එරට පාලක හයවන ටුපෝ රජුගේ මාළිගයටද සුනාමියෙන් බලපෑම් සිදුව තිබෙනවා. මේ නිසා රජු වෙනත් ප්‍රදේශයකට පිහිටි මාළිගයක මේ වනවිට තාවකාලිකව රැඳී සිටී.

ටොංගා දූපතට සුනාමි රළ පහර පැමිණීමත් සමග නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල වෙරළ තීර රැසක් වසාදමා ඇති අතර සුනාමි රළ පැමිණිය හැකි බවට අනුමාන කරන ප්‍රදේශවල වෙරළාශ්‍රිත ජනතාවට ඉවත් වන ලෙසද උපදෙස් දී තිබෙනවා. යම් හෙයකින් මීටර් 10 ට වඩා උස් රළ පැමිණියහොත් ආරක්ෂත ස්ථාන කරා යොමුවන ලෙසද උපදෙස් ලබා දී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...

තවත් ද්විත්ත්ව ඝාතනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 04) දිනයේදී උතුරු, උතුරු-මැද,...