2019 පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන්ට යළිත් කුඹුරට බසින්නැයි ජනපතිගෙන් ආරාධනාවක් !

0
298

මේ වනවිට වී ගොවියා සඳහා රුපියල් 75 ක සහතික මිලක් ලබා දී තිබෙන නමුත් හැකිනම් රුපියල් 95 බැගින් හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.

ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැමවිටම ගොවියා රැකගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. තමා බලයට පත් වූ අවස්ථාවේදී පුරන් කුඹුරු අස්වැද්දීමට එකතු වූ තරුණයන්ට යළිත් කුඹුරට බැසීමට එක්වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here