දූෂිත රාජ්‍ය නිලධාරීන් එළවීමේ මෙහෙයුම ඇරඹුවා – අසේල සම්පත් (VIDEO)

Date:

වසර 74ක කාලයක් දේශපාලකයන් සමඟ එකතු වී රට විනාශ කිරීමට කටයුතු කළේ දූෂිත රාජ්‍ය නිලධාරීන් වන හෙයින් එම නිලධාරීන් එළවීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (29) පාරිභෝගික සේවා අධිකාරියේ දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් වන වාර්තාවක් වෙළෙඳ අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාරිභෝගික සේවා අධිකාරිය අළු ගසා නැගිටීමට සූදානම් වන විට එයට බාධාකරන දූෂිත නිලධාරීන්ගේ තොරතුරු වාර්තාවක් එලෙස අමාත්‍යවරයා වෙත භාරදුන බවයි ඔහු පැවසුවේ.

හෙට දින වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිත හෙයින් විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම ජනතා ප්‍රශ්න ගැන අවධානය යොමුකළ යුතු වන බවයි අසේල සම්පත් මහතා කියාසිටියේ.

දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවා ඇත්තේ ජනතා ප්‍රශ්න ගැන කතා කිරීමට මිස එක එක්කෙනාගේ කුණු හේදීමට නොවන බව ද හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්‍රශ්නය විසඳයි!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමේ...

මිලාන් රත්නායකට එක්දින වරම්…?

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: අද දිනයේ පැවත්වෙන් ශ්‍රී...

ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...