1. මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා වෛද්‍යවරුන් 300 දෙනෙකු පමණ රට හැර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි – මෙහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අංශය කඩා වැටීමේ සම්භාවිතාවයක් තිබෙන බවට අනතුරු අඟවයි – සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව වෛද්‍යවරුන්ට වීසා නිකුත් නොකරන ලෙස විදේශ මෙහෙයුම්වලට උපදෙස් ලබා දුන් බව ද අනාවරණය කරයි.
2. ඉන්දියානු රුපියල “විදේශ මුදල් ඒකකයක්” ලෙස ප්‍රකාශයට පත්කරන මෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් කළ ඉල්ලීමක් අනුමත වීමෙන් අනතුරුව, ශ්‍රී ලාංකිකයන්ට ඇ.ඩො. 10,000 ක වටිනාකමට සමාන ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් මුදල් ලෙස සන්තකයේ තබා ගත හැකි බවට වාර්තා පළවෙයි – මෙය ශ්‍රී ලංකාවට තම ආර්ථික අර්බුදයෙන් ගොඩයාම සඳහා ලබා දුන් “ද්‍රවශීලතා සහයෝගයක්” බවට පැවසේ.
3. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ කැබිනට් මණ්ඩලය අනුමත කරයි – ලංකා විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන්කිරීමේ ක්‍රියාවලියට අදාළ පනත මාසයක කාලයක් තුළ කෙටුම්පත් කෙරෙනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
4. නිසි විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා පාර්ශවය සමඟ සාකච්ඡා කිරීමට අදාළ මූල්‍ය ආයතනවලට චීනය සහාය ලබා දෙන බව චීනයේ විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක Zhao Lijian පවසයි – ශ්‍රී ලංකාවට තම සමාජ-ආර්ථික සංවර්ධනය කරා ළඟාවීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බව ද පවසයි.
5. රෝගීන් ප්‍රතිකාර සඳහා රැගෙනයන අතරවාරයේදී සිදුවන මරණ (in-transit deaths) වැළැක්වීම සදහා සුවසැරිය ගිලන්රථ සේවාව වැඩිදියුණු කළ පහසුකම් ද සහිතව උසස්කරන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල පවසයි – හෘද හෝ පෙනහළු ආශ්‍රිත ආබාධ සහිත පුද්ගලයන්ට රැගෙන යන අතරවාරයේදීම ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි සංවර්ධිත රටවල ගිලන්රථ සේවාවන් ඉතා උසස් මට්ටමක පවතින බව ද පවසයි.
6. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පා.ම. සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස නම්කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන පවසයි.
7. මේජර් ජනරාල් චන්න වීරසූරිය ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කළ බව යුධ හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරයි.
8. ඔක්තෝබර් මස වෙළඳ භාණ්ඩ අපනයනය ඇ.ඩො. බිලියන 1.1ක් බවත්, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 8.2 කින් පහත වැටී ඇති බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි – කෙසේවෙතත්, මෙම වසරේ පළමු මාස 10 තුළ අපනයන, ඉකුත් වසරට සාපේක්ෂව ඇ.ඩො. බිලියන 11.1 කින් සියයට 9.3 ක වර්ධනයක් පෙන්වයි.
9. රටේ ආර්ථිකය දියුණු වී ඇති බවට රජය ඉදිරිපත්කරන තර්කය විපක්ෂයේ පා.ම. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සාරාංශගතව බිඳ දමයි – සාපේක්ෂව “ආර්ථික ස්ථාවරත්වයක්” හටගෙන ඇති බව පෙනෙන්නට තිබෙන්නේ සරලවම ණය පැහැර හැරීමේ ප්‍රතිඵලයක් නිසා බවත්, මේ හේතුවෙන් දැන් ණය එකතුවෙමින් තිබෙන බවත් අවධාරණය කරයි.
10. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, මීළඟ රටවල් 10 ලෝක කුසලාන පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියට තරඟවැදීමට සුදුසුකම් ලැබීමට නම්, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, නෙදර්ලන්තය, සිම්බාබ්වේ සහ තවත් කණ්ඩායම් 05 ක් සමඟ තරඟවැදීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.