අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළඳපොලට

අද (01) දිනයේ සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය බැගින් වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඇනවුම් කර තිබුණු ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් පසුගිය දින කිහිපයෙහි වෙළඳපොලට ගෑස් නිකුත් කිරීම සීමාකර තිබුණු නමුත් මේ වනවිට එම ගෑස් තොග ලැබෙමින් පවතින බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

“අපි අද උදෑසන කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ වගේම අනෙක් සිලින්ඩරුත් වෙළෙඳපොළට අද නිකුත් කරනවා. මේ වනවිට ආපු නෞකාවේ ගෑස් තොග ගොඩබෑම් කටයුතු සිදුවෙමින් පවතිනවා. 117,000ක පමණ සිලින්ඩර ප්‍රමාණයක් අද දිනයේ නිකුත් වෙනවා. ඉදිරියටත් එහෙම සිදු කෙරනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...