චීනයේ ප්‍රබල කොමියුනිස්ට් සටන්කරුවෙකු වූ හිටපු ජනපති ජියැං සෙමින් මියයයි

Date:

චීනයේ හිටපු ජනාධිපති ජියැං සෙමින් ෂැංහයිහිදී මිය ගිය බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. මිය යන විට ජනාධිපතිවරයා 96වන වියේ පසු විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශයකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ලියුකේමියා රෝගය හේතුවෙන් ඇති වූ අභ්‍යන්තර අවයව අකර්මණ්‍ය වීමක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මිය ගිය බවයි.

1989 බීජිං හි ටියනන්මෙන් චතුරශ්‍රයේ සහ ඒ අවට විරෝධතාකරුවන්ට එරෙහි ලේවැකි මර්දනයෙන් පසු ජියැන්ග් බලයට පත් වූ අතර ජියැං සෙමින් ඉහළ කීර්තියක් ඇති කැපී පෙනෙන නායකයෙකු බවට විය. ඔහු ප්‍රබල කොමියුනිස්ට් සටන්කරුවෙක් වූ අතර විචිත්‍රවත් නායකයින් ගැන ප්‍රසිද්ධ නැති රටක ජියැං ලෝකයට චීනය විවෘත කිරීමට නායකත්වය දෙනු ලැබීය.

ඔහුගේ අවධියේදී චීනයේ බලවත් ආර්ථිකයක් ගොඩනඟන ලදී. 2001 දී චීනය ලෝක වෙළඳ සංවිධානයට ඇතුළුවීම සිදු වූ අතර ඔහු විදෙස් රටවල් සමඟ වඩා හොඳ සබඳතාවයක් ඇති කර ගැනීමේ ලා උත්සුක විය. ජියැන්ග් එක්සත් ජනපදය සමඟ සබඳතා ශක්තිමත් කිරීමට උත්සාහ කළ අතර 9/11 ප්‍රහාරයෙන් පසුව වොෂින්ටනයේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සඳහා එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හට සිය දායකත්වය ලබා දෙනු ලැබීය.

ජියැං විසින් පක්ෂය නවීකරණය කිරීමේ උත්සාහයක් ලෙස ඔහුගේම දේශපාලන මතවාදයක් වන ත්‍රී නියෝජනය න්‍යාය නමින් නව න්‍යායක් ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම ඔහු 1997 දී හොංකොං සාමකාමීව භාරදීම සිදුකළ මුත් තායිවානය පිළිබඳ දැඩි ස්ථාවරයක් අනුගමනය කරනු ලැබීය. කෙසේ නමුත් ඔහුගේ රාජ්‍ය කාලය චීනයට සාමකාමී සෞභාග්‍යමත් කාලයක් විය.

ඔහුගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳව කමිටුව විසින් වාර්තා කර තිබුණේ, චීනයේ සාමාන්‍ය ස්වභාවයට අනුව අවමංගල්‍ය උත්සවය පවත්වන බවත්, උත්සවය වෙනුවෙන් විදේශීය නායකයින්ට සහ රජයන්ට ආරාධනා නොකරන බවත්ය.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...