එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවයි !

Date:

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුව ඊයේ (30) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට කරුණු දක්වමින්, මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සාක්ෂි සඳහා නොකැඳවීම බරපතළ පාඩුවක් බව ප්‍රකාශ කර තිබේ.

එම විමර්ශන සම්බන්ධයෙන් සියලුම කරුණු හොඳින්ම දන්නා පුද්ගලයා වන ශානි අබේසේකර මහතා මීට නොකැඳවීම තම පාර්ශ්වයට දැඩි ලෙස අගතිදායක වී ඇති බවයි නීතීඥවරයා පෙන්වා දී තිබුණේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පිළිගෙන තිබුණේ එය තමන්ගේ පාර්ශ්වයෙන් සිදුවුණු බරපතළ අඩුපාඩුවක් බවයි.

ඒ අනුව ශානි අබේසේකර මහතාව මෙම නඩුවෙහි සාක්ෂි සඳහා කැඳවීමට නීතිපතිවරයා වෙනුවෙන් දිලීප පීරිස් මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පොරොන්දු වී ඇති බවත් වාර්තා විය.

මෙය මෙම නඩුවට අදාළව ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවයි නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...

ඉදිරි දිනවල කාලගුණ වෙනසත් සමඟ ඇතිවිය හැකි ආපදාවන්ට සූදානම් – DMC

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර...