උපයනවිට ගෙවීමේ බද්දෙන් අපිව බිත්තියටම හේත්තු කරලා. දැනටත් 477ක් රටදාලා ගිහින් – GMOA

උපයනවිට ගෙවීමේ බද්ද හරහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් බිත්තියටම හේත්තු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි.

“මේ උපයනවිට ගෙවීමේ බද්ද හරහා අති බහුතරයක් වෙච්ච රාජ්‍ය සේවකයින් හාන්සි කරලා, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් කාණ්ඩ බිත්තියට හේත්තු කරලා, රටේ සමස්ත මධ්‍යම පන්තිය හුස්ම ගන්න බැරිවෙන විදියට බෙල්ල හිරකරලා බදු අයකර ගැනීමේ උත්සාහයක් තමයි අපි දකින්නේ මේ බදු ප්‍රතිපත්තිය හරහා. වෛද්‍යවරුන් රට දාලා යනවා, මේ හරහා පර්යන්තයේ තියෙන රෝහල් ටික වැහෙන්න යනවා. රට හැරදාලා යන වෛද්‍යවරුන් බලහත්කාරයෙන් නවත්වාගන්නෙ කොහොමද කියලා කතා කරනවා මිසක් මේවා නිවැරදි කරන්න යම් උත්සාහයක නිරත වෙලා ඉන්නවා කියලා අපිට පේන්නෙ නෑ. මේ අවුරුද්ද ඉවර වෙනකොටත් දත්ත අපි විශ්ලේෂණය කරලා බැලුවොත්, දැන් මං දැක්කා පාර්ලිමේන්තුවේ කියනවා 300ක් ගිහිල්ලා තියෙනවා කියලා, ඒත් අපි ළඟ තියෙන දත්ත අනුව පළවෙනි මාස 8 ඇතුළත විතරක් 477ක් වෛද්‍යවරුන් ගිහිල්ලා තියෙනවා රට දාලා”

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...