*
Tuesday, October 22, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කළ හැකියි: ජනපති

◾ශ්‍රී ලංකාව ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත් කළ හැකියි.

◾විදෙස් සිසුන්ගෙන් වසරකට ඩොලර් බිලියන 10ක් උපයන්න පුළුවන්.

◾අපේ සිසුන් උසස් අධ්‍යාපනයට රට යන කොට ඩොලර් බිලියන 3ක් එළියට යනවා.

◾රැකියා වෙළෙ­ඳ­පො­ළට ගැළ­පෙන පරිදි පාඨ­මාලා වෙනස් විය යුතුයි.
ජනපති

ශ්‍රී ලංකාව ආසියාවේ අධ්‍යාපනයේ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විදේශීය සිසුන් ආකර්ෂණය කර ගනිමින් වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක් උපයා ගැනීමට අපට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා කීවේය.

අපේ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන විට ඩොලර් බිලියන 3ක් එළියට යන්න අපි ඉඩ දෙනවා. ඒ ඩොලර් බිලියන 3 තියාගන්න අපි බලන්න ඕනේ. ඒක හරියට කළොත් තවත් ඩොලර් බිලියන 10ක් ආකර්ෂණය කර ගන්න පුළුවන් වෙනවා යැයි ද ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීවේය.

අපේ රටේ වයස අවුරුදු 21,22 වන විට තරුණ තරුණියන් විශ්වවිද්‍යාලයෙන් පිටවිය යුතුයි. එවිට ඔවුන්ට රස්සාවක් කරන්න පුළුවන්. රැකියා වෙළෙඳපොළට ගැළපෙන පරිදි පාඨමාලා සකස් කළ යුතුයි. අනාගතයේදී රැකියා වෙළෙඳපොළේ, විශේෂයෙන් කලා හා සමාජ විද්‍යා ක්ෂේත්‍රවල රැකියා අවස්ථා හිඟයක් අපට අත්විඳින්න වෙනවා. ඒ නිසා ජාතික සභාවත්, පාර්ලිමේන්තුවේ අනෙකුත් කාරක සභාත් මේ ගැන අවධානය යොමු කරනවා නම් මම කැමතියි. මේ කමිටුවලට කරුණු ඉදිරිපත් කළොත් තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නේ. මෙය ආණ්ඩුව තනියම කරනවා ද විපක්ෂය ආණ්ඩුව එක්ක එකතු වෙලා කරනවා ද කියලා අපි කතා කරන්න ඕනේ. ආණ්ඩුවට සහාය දෙන්න පුළුවන්. අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගත උන්නතිය උදෙසා තමයි මේ පියවර ගන්නේ. බොහෝ දෙනෙකුට වයස අවුරුදු 21, 22 වන විට විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්න පුළුවන්. අපි නීති ශිෂ්‍යයන් වී සිටියදී අපි ඒ වයසෙදී සමත් වුණා. අපිට මෙය කරන්න පුළුවන්.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට උපදෙස් දුන්නා. පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවල ද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයද ඒ සම්බන්ධව අවධානය යොමු කළ යුතුයි. මෙරට පළමු මන්ත්‍රණ සභාවේ කාන්තා නියෝජනය සියයට 2 යි. සර්ව ජන ඡන්ද බලය හිමිවී වසර 91ක් ගතව තිබුණත් වත්මන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 5.3ක් පමණයි.

මට භාර අමාත්‍යාංශය ගැන අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ පාර්ලිමේන්තු කාන්තා සංසදය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ක්‍රියාකාරිත්වයක් ආරම්භ කර තිබෙනවා. ඒ ගැන අපි ප්‍රශංසා කළ යුතුයි. 1931තමයි මේ රටට සර්වජන ඡන්ද බලය හිමි වුණේ. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාන්තාවන් හිටියේ නැහැ. ඩොනමොර් කොමිසමෙන් කාන්තාවන්ට ඡන්දය ඉල්ලන්න කියලා කිව්වම අපේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මිත්තනිය එදා ඡන්දය ඉල්ලුවා. ඒ ඡන්දයෙන් එක කාන්තාවක්වත් තේරි පත් වුණේ නැහැ. මාස 08ක්,09ක් යනකොට අපේ මුත්තා වන ජේ.එච්. මීදෙණිය අධිකාරම්තුමාගේ මරණයෙන් පස්සේ මොළමුරේ මැතිනිය පත් වුණා. එතකොට පළමු වතාවට විරුද්ධ පක්ෂයෙන් ආවෙත් කාන්තාවක්. ඒ ෆ්ලොරන්ස් සේනානායක. එතකොට එදා නියෝජිතයන් 51න් එක කාන්තා නියෝජනයක් තිබුණා. ඒ කියන්නේ ඒ සභාවේ සියයට 2ක නියෝජනයක්. සර්වජන ඡන්දයෙන් අවුරුදු අනූ එකකට පස්සෙ තමයි මම අද කතා කරන්නේ. අද අපේ කාන්තා මන්ත්‍රීවරියන් 12 දෙනෙක් සිටිනවා. ඒ කියන්නේ සියයට 5.3ක නියෝජනයක්. වසර 91ක් තුළ අපි සියයට 2ක ප්‍රමාණය සියයට 5ක් බවට පමණයි පත්කරගෙන තිබෙන්නේ.

ආණ්ඩු පක්ෂයේ සිටියත්, විපක්ෂයේ සිටියත් අපි සියලුදෙනා පිළිගත යුතුයි අපිට කාන්තා නියෝජනය වැඩි කරගන්න නොහැකි වුණා කියලා. එදා අපේ කාන්තා නියෝජනය 2%ක්ව තිබූ අවස්ථාවේ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේත් 2%ක කාන්තා නියෝජනයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. අතළොස්සයි හිටියේ. ඒත් අද කැනඩා පාර්ලිමේන්තුව, ලොග් සභාව දෙස බලන්න. එහෙම නම් කාන්තා නියෝජනය ගැන අපි සියලුදෙනා අවධානය යොමු කළ යුතුයි. අපිට වගකීමක් නෑ කියන්න බැහැ. මමත් ඇතුළුව අපි සියලුදෙනා මේ පාර්ලිමේන්තුවේ හිටියා. 2015දී ගෙන ආ ප්‍රතිපත්තියෙන් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කළා. ඒත් පසුව කළ සංශෝධනය නිසා එය නැති වුණා.

අද අපේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන්. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 5.3%ක් කාන්තාවන්. ඒ නිසයි මම පාර්ලිමේන්තු කාන්තා සංසදයට භාර දුන්නේ මේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට. අදාළ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනා මේ පිළිබඳ කතා කරයි.

දෙවනුව මේ පනතේම සඳහන් වෙලා තිබෙනවා නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය පිළිබඳව. කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතාවය යන කාරණාවලට නායකත්වය ලබාදීම සහ ස්ත්‍රී පුරුෂ සමාජත්වයේ සම සාධාරණත්වය සහ සමානත්වය සම්බන්ධයෙන් වන ගැටලු සඳහා මැදිහත් වීමට පාර්ලිමේන්තුවට අවශ්‍ය නිර්දේශ ලබා දීමට නියෝග සහිතව ජාතික කාන්තා කොමිසමක් යන නාමයෙන් ස්වාධින කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපනය කිරීමට. ආණ්ඩුව එයට පක්ෂයි කියලා මම කියන්න කැමතියි. මම හිතන්නේ නැහැ විපක්ෂයෙනුත් ඒ සඳහා විරුද්ධත්වයක් තිබෙයි කියලා. අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩිපුර ඉන්නේ කාන්තාවන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම පරිපාලනයෙත් එහෙමයි. පුද්ගලික අංශයේ එවැනි දියුණුවක් ඇති වී නැහැ. විශ්වවිද්‍යාලයේ වෙන්න පුළුවන් ඉන් පිටත වෙන්න පුළුවන් අද 50% කට වඩා ඉන්නේ කාන්තාවන්.

ඒ වගේම ළමයින් සම්බන්ධ වැඩකටයුතුත් අපි මේ පාර්ලිමේන්තු කාන්තා සංසඳයට භාර දී තිබෙනවා. විශේෂයෙන් මෙහි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අද දෙමාපියන් අහිමි අනාථ දරුවන් කී දෙනෙක් සිටිනවද, ඒත් අපි භාර අරගෙන තිබෙන්නේ ඉතා සුළු පිරිසක්. කවුරුත් ඒ දරුවන් රඳවා සිටින ස්ථාන දෙස බලන්නේ නැහැ. ඒවායේ තිබෙන්නේ පැරණි ගොඩනැඟිලි. හරියට ගුරුවරු නැහැ. ඒ නිසා නව ළමා ආරක්ෂණ සේවයක් මේ රටේ ඇති කළ යුතුව තිබෙනවා. ඒ පිළිබඳවත් මේ සංසදය වැඩකටයුතු කරගෙන යනවා.

අබාධිත පුද්ගලයන් වෙනුවෙන් අපි සලසන සේවාව ප්‍රමාණවත් නැහැ. ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් ලබාදිය හැකි ප්‍රතිපාදන අඩු වී තිබෙනවා. අපි ණය ගෙවනවා, අපි වැටුප් ගෙවනවා, නැත්නම් අලාභ ලබන සංස්ථාවලට මුදල් යොදවනවා. මෙම තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ඇතැම් අය දෝෂාරෝපණය කරනවා.

සමාජ සුබසාධනය වෙනුවෙන් අපි යොදවලා තිබෙන මුදල් ප්‍රමාණවත් නැහැ. එම ප්‍රතිපාදන ඉහළ නැංවීමට පෙර විධිමත් ලෙස ආයතන පද්ධතිය ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් එම මුදල් අපතේ යනවා. ඇත්තටම තිරය පිටුපස සිදුවන්නේ වෙන දෙයක්. තිරය ඉදිරිපස තමයි අපි සිටින්නේ. ආණ්ඩුව, විපක්ෂය හෝ පෞද්ගලික අංශය වෙන්න පුළුවන්, මේ සියලුදෙනා රඟපාන්නේ මේ තිරය ඉදිරිපස. මේ තිරය කවුරුත් විවර කරලා නැහැ. අපි ඒ තිරය ඉවත් කර බැලිය යුතුයි.

මීට පෙර මේ අමාත්‍යාංශය අපි වැදගත් අමාත්‍යාංශයක් ලෙස සැලකුවේත් නැහැ. මේ පළමු අවස්ථාව. විශේෂයෙන් අපේ තලතා අතුකෝරාල මැතිනිය අධිකරණ ඇමතිවරිය ලෙස කටයුතු කළා. ඒ වගේම පවිත්‍රා මන්ත්‍රිවරිය සෞඛ්‍ය ඇමතිනිය විදියට කටයුතු කළා. ඒත් වැදගත් අමාත්‍යාංශ ගණනාවක් තවම කාන්තාවන් කරන්නේ නෑ.

ඉන්දියාවේ මුදල් ඇමතිවරියක් ඉන්නේ. එතුමිය ඊට පෙර කටයුතු කළේ ආරක්ෂක ඇමතිවරිය විදියට. ලිස් ට්‍රස්ට් කලින් හිටියේ විදේශ ඇමතිවරිය විදියට. අපිත් ඒ තත්ත්වය ඇතිකළ යුතුයි. මම මේ කාන්තා සංසදයට භාර‍ ‍ෙදනවා නීති රීති කෙටුම්පත් සකස් කරලා එවන්න, ප්‍රතිපත්ති එවන්න. අපි මේ කාලය තුළදී ඒ සම්බන්ධව කටයුතු කරමු.

අපිට යුතුකමක් තිබෙනවා කාන්තා නියෝජනය පාර්ලිමේන්තුව තුළ පමණක් නොවෙයි, අනෙක් ක්ෂේත්‍රවලත් ඉහළ නංවන්න. එය සිදුකරන ආකාරය අපි පසුව කතා කරමු.

හැම කෙනාටම සමෘද්ධිය ලබාදෙන්න අපිට මුදල් නෑ . අපි ගන්න ඇතැම් තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ශක්තිය තිබිය යුතුයි මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න. සමෘද්ධියට අදාළ වැඩකටයුතු අපේ ඇමැතිතුමා කරගෙන යනවා. සමෘද්ධිය හිමි විය යුතු විශාල කොටසක් සිටිනවා. ඇයි අපිට ඔවුන්ට

සමෘද්ධිය ලබා දෙන්න බැරි. නුසුදුසු අය ඉවත් කළොත් සුදුසු අයට මේ ප්‍රතිලාභය ලබාදෙන්න පුළුවන්. සමහරුන් වසර 20-30ක් ඔය ලැයිස්තුවේ ඉන්නවා. ඒ නිසා පළමුවෙන්ම සුදුසු අය කවුද, අලුත් අය කොහොමද ඇතුළත් කරගන්නේ කියලා සොයා බැලිය යුතුයි.

සමහරු දේශපාලන කටයුත්තක් ලෙස ඒ දෙස බැලුවත්, සමෘද්ධිය ලබාගත යුතු අයට, පළමුව සමෘද්ධිය ලබාදිය යුතුයි. සුදුසුකම් නැති අය එතනින් ඉවත් කළ යුතුයි. සියලුදෙනාට මේ ප්‍රතිලාභය ලබාදීමට අපිට හැකියාවක් නැති බවත් ප්‍රකාශ කළ යුතුයි.

අපි මේ භාරගෙන තිබෙන්නේ අසීරු කටයුත්තක්. රටේ ආර්ථිකයයි, සමාජයයි හදන්න ගන්න තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ඒත් ඒ වැඩකටයුතු කරගෙන යන්න පාර්ලිමේන්තුවට ශක්තිය තිබිය යුතුයි.අධ්‍යාපනය ගැන කතා කළොත් 1946 අපිට නිදහස් අධ්‍යාපනය ලැබුණා. අපට අවශ්‍ය 80 දශකයේ මේ රටේ තිබ්බ පාසල් පද්ධතිය නොවෙයි. අද අපට අවශ්‍ය 2023 සිට වසර 25ක් ඉදිරියට යන පාසල් අධ්‍යාපන ක්‍රමයක් බව කිව යුතුයි.

ලෙස ජනාධිපතිවරයා කීවේය.

රෂිකා හෙන්නායක
2022.12.03

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan