ඖෂධ අර්බුදය මැඬපැවැත්වීමට මෙරට ඖෂධ නිශ්පාදනය වේගවත් කරයි!

Date:

ජාත්‍යන්තර ණය දෙන ආයතන සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන් (විශේෂයෙන් ඉන්දියාව විසින්) රටට අවශ්‍ය හදිසි ණය ලබාදී තිබියදීත් සෞඛ්‍ය අංශය තුළ තවමත් අත්‍යවශ්‍ය ඖෂධ 150 කට වැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී.ආර්.කේ හේරත් මහතා හෙළිදරව් කළේය.

විශේෂයෙන්ම රටෙහි උද්ගතව ඇති අනෙකුත් අර්බුදයන් හමුවේ ඖෂධ සම්බන්ධයෙන් පැණ නැගී ඇති මෙම අර්බුදය ගෙවීම් ප්‍රමාදයන්, නියාමන ප්‍රමාදයන් සහ මිල සීමා කිරීම් ආදිය නිසාවෙන් නිර්මාණය වූවක් බව නිලධාරීන්ගේ මතයයි.

මෙම ඖෂධ හිඟය ප්‍රධාන වශයෙන්ම නිර්මාණය වූයේ ජුනි මස අග සිට රටෙහි මධ්‍යම ඖෂධ ගබඩාවේ තොග අවසන් වීමත් සමඟය.

ඒ අනුව ඉන්දියාවෙන් හිමිවූ ඩොලර් බිලියනයක ණය ආධාරයෙන් ඩොලර් මිලියන 200 ක් වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට යෙදවීමට නියමිත අතර ඇණවුම ලබා දීමේ මහගු වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) පවරා ඇත.

තොග යථා තත්ත්වයට පත් කරන තුරු පවතින තොග වලින් සැහීමකට පත්ව වෛද්‍ය ආයතන අතර ඖෂධ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සැලසීමේ මධ්‍යම සන්නිවේදන උපාය මාර්ගයක් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති බව බලධාරීහු පවසති.

එහි ප්‍රතිඵලයක් ලෙස පවතින තොග සංරක්ෂණය කිරීම සඳහා සාමාන්‍ය සැත්කම් අවම කරමින් හදිසි අවස්ථා සඳහා ප්‍රමුඛත්වය දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ රෝහල්වලට දැනුම් දී ඇත.

රටපුරා — විශේෂයෙන්ම කොළඹ — රෝහල්වල සැලකිය යුතු ඖෂධ හිඟයක් දැකිය හැකි බවත් මෙම හිඟය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජික වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පෞද්ගලික සහ රාජ්‍ය ආයෝජන සහිත ඖෂධ නිෂ්පාදන කලාපයක් ඔයමඩුවේ දී ඉදිකිරීම 2023 පෙබරවාරි මාසයේදී ආරම්භ කරන බවයි.

එම අමාත්‍යාංශය පැවසුවේ බිම් කොටස් 20න් 11ක් දැනටමත් පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට ලබාදී ඇති බවයි.

දැනට රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 20ක් පමණ රට තුළ නිෂ්පාදනය කෙරෙන අතර ඉදිරි වසර දෙක තුන තුළ එය සියයට 50ක ඉලක්කගත මට්ටමට ගෙන ආ යුතු බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් පසුගිය මාස දෙක තුළ ඖෂධ වර්ග 30 ක් සහ වෛද්‍ය උපකරණ 36 ක් ලියාපදිංචියකින් තොරව ආනයනය කිරීමට නිෂ්කාශනය කර ඇත.

ඕවින්දි විෂ්මිකා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට කින්ග් ඛාන් පැමිණේ ද?

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW):බොලිවුඩයේ කින්ග් ඛාන් 2025...

දෙහිඅත්තකණ්ඩිය සභාවේ බලය සජබෙට!

කොළඹ LNW: දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමඟි...

ශ්‍රීලන්කන් හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ...

ඉන්දියාවේ මීලඟ අත්හදා බැලීම!

රෂිකා හෙන්නායක ජූලි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නවීන බංකර්-බස්ටර් අවියක්...