අන්තවාදීන්ට අපි බය නෑ – විපක්ෂ නායක

Date:

අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට නොබියව මුහුණ දෙන බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය, අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරම් මහතා විසින් නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනයේදී අද (16) සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

මෙරට පලවෙනි වතාවට වතු කම්කරු ප්‍රජාවට පුරවැසිභාවය ලබාදෙමින් පුරවැසිකමේ සිහිනය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සැබෑ කර දුන් බව පැවසූ විපක්ෂ නායකයා, තේ වතුවල කම්කරුවන් සේ දුක් විඳින ජනතාවගේ ජනජීවිත නංවා ඔවුන් ශක්ති සම්පන්න පිරිසක් බවට පත් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවද පැවැසීය.

මන්දිරවල ගෑස් පුපුරන්නේ නැති බවත්, ඔවුන්ට කිරිපිටිවල ප්‍රශ්නයක් නැති බවත්, ඔවුන්ට බන්දේසියක තබා සියල්ල ලැබෙන බවත් සඳහන් කළ විපක්ෂ නායකයා අද පොහොර පෝලිමේ සිටින්නේත්, ගෑස් ටැංකි පිපිරීමෙන් පීඩාවට පත් වන්නේත්, අන්ධකාරයේ සිටින්නේත් මේ රටේ අහිංසක ජනතාව යැයිද ප්‍රකාශ කළේය.

වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම වෙනුවෙන් අනාගත රජයක් යටතේ සිදු කරනු ලබන මෙහෙවර ඇතුළත් කොට වතු කම්කරු ප්‍රඥප්තියක් සමගි ජන බලවේගය මේ දිනවල නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායකයා පැවසීය.

අනාගත සමගි ජන බලවේග රජයක් තුළ මේ රටේ වතු කම්කරු සංවර්ධනය වෙනුවෙන් විශේෂිත වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරන්නට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකයා තමන් මේ පිළිබඳව පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ සමයේදී කරුණු ඉදිරිපත් කරන විට ජාතිවාදය ආගම්වාදය පදනම් කරගනිමින් ප්‍රහාර එල්ල කළ බව බවද පැවසීය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙත්සම් තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...