අයවැයට ඡන්දය නොදුන් මන්ත්‍රීවරයකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි !

0
1215

ඊයේ (08) පස්වරුවේ පැවති 2023 අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබේ.

එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පක්ෂය තීරණයක් ගෙන තිබියදී වේලුකුමාර් මන්ත්‍රීවරයා මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

RN