අයිස් ලෝලීන්ගේ ජීවිතය කෙටියි – වෛද්‍ය හේමා වීරකෝන්

Date:

මෙරට ජනතාව අතර ඉතා වේගයෙන් කතාබහට ලක්ව තිබෙන අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ආඝාතය හෙවත් අංශභාගය හා හෘදයාබාධ වැනි රෝගවලට ගොදුරුවීමට හෝ ඉතා කෙටි කලකින් මරණයට පත්වීමට සිදු විය හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත වෛද්‍ය සේවා ඒකකයේ වෛද්‍ය නිලධාරිනී හේමා වීරකෝන් මහත්මිය අනාවරණය කරන්නීය.

‘දිනමිණ’ කළ විමසීමකදී ඇය පැවසුවේ මෙම අයිස් මත්ද්‍රව්‍ය උත්තේජක ඖෂධ කාණ්ඩයට අයත් බැවින් අධික භාවිතයට ඇබ්බැහිවීමක් සිදු වන බවයි. එමනිසා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ට ඉතා සුළු කාලයකදී වැඩි හානියක් සිදු විය හැකි බවත් වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය කීවාය.

මේ අතර එම මත්ද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණයක් භාවිතා කළ ද හානි සිදු විය හැකි බවත් වරක් භාවිතා කළ ද පැය දොළහක් වගේ කාලයක් එහි බලපෑම ඇතිවන බවත් ඇය පැවසූවාය.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ගත් පසු එම පුද්ගලයා බලාපොරොත්තු වන දේට අමතරව ඇඟ කැසීම, මුඛය වියළි ගතිය, වැඩිපුර දහඩිය දැමීම, හදවත ගැසීමේ වේගවත් බව සහ හුස්ම ගැනීම වේගවත් වීම, කෑම අරුචිය වැනි දේ ඇති විය හැකියි. එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් භාවිතයට ගන්නා පුද්ගලයන්ට ආඝාතය හෙවත් අංශභාගය සහ හෘදයාබාධ වැලඳීම, සිහිසුන්වීමට හෝ මරණයට පත් විය හැකියි. මෙම මත්ද්‍රව්‍ය නිසා ඇතිවන මානසික සංකූලතා ඉතා සුලභයි. එවිට කරන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඇය කීවාය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...