ලිංගික හිංසනවලට එරෙහි නීති ශක්තිමත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය!

Date:

ලිංගික හිංසන, ලිංගික අපයෝජන, සහ ලිංගික අල්ලස් ආදී ක්‍රියාවලට එරෙහිව පවතින නීතීය ශක්තිමත් කිරීමට සහ එවන් සිදුවීම්වලට වරදකරුවන් වන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දීමට අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය අනුව ලිංගික හිංසන බරපතල අපරාධ වරදක් ලෙස හඳුනා ගෙන ඇති මෙන්ම පුද්ගලයකු ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට නීතිය මඟින් හඳුනා ගෙන තිබුණ ද ලිංගික අපරාධ තවමත් ඉහළ මට්ටමින් දිවයින පුරා වාර්තාවන පසුබිමක මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.

ඉදිරිපත් කළ යෝජනාවට අනුව, ලිංගික අපයෝජන ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිංසන අපරාධ කරන වගන්ති ද දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට පනත් කෙටුම්පතක් සකස්කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට නියමිත අතර, එකී කෙටුම්පත මඟින් ලිංගික වැරදි සිදුකරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටත්, ලිංගික අල්ලස් ලබා දීම වරදක් බවට පත්කිරීමට නව වගන්තියක් හඳුන්වා දීමටත් කටයුතු කරන ලෙස එම යෝජනාවෙන් ඉල්ලා සිටියි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...