අපි හැමෝම ණයකාරයෝ

Date:

◾ඔබ දන්නවා ද ලංකාවේ එක් අයෙකු ලක්ෂ 11 ක් ණය බව…..

2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

එහිදී දේශීය ණය රු. බිලියන 13,119.4 ක් ලෙසත් විදේශීය ණය රු. බිලියන 11,574.6 ක් ලෙසත් සටහන්ව ඇත.

මෙහි ඇති විශේෂ කරුණ නම් 2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 08 ක් වැනි කාලයක් තුළ දී රු. බිලියන 7,104.6 කින් හෙවත් 40.39% කින් ඉහළ ගොස් තිබීමයි.

2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් වාර්තා වූ මධ්‍යම රජයේ නොපිය වූ ණය අගය 2022 ජනවාරි මාසයේ දී රු. බිලියන 17,873.0 ක් දක්වා සහ 2022 පෙබරවාරි මාසයේ දී රු. බිලියන 17,940.2 ක් දක්වා ක්‍රමිකව ඉහළ ගියද 2022 මාර්තු මාසය අවසානයේ දී එය රු. බිලියන 21,696.6 ක් දක්වා දැවැන්ත ප්‍රමාණයකින් වැඩි වී තිබුණි. ප්‍රධාන වශයෙන් රුපියල පා කිරීමට ගත් තීරණයත් සමඟම විදේශ මුදලින් නාමකරණය වී තිබුණු ණය ප්‍රමාණයන් හි රුපියල් වටිනාකම ඉහළ යාම මෙලෙස මාර්තු මාසය තුළ දී මේ සා විශාල අගයයකින් සමස්ත ණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මෙම කරුණත් සමඟම අනෙක් ප්‍රධාන කාරණය නම් ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ද සීඝ්‍ර වැඩිවීමකට ලක්ව තිබීමයි.

එක්පුද්ගල ණය ගණනය කරනුයේ වාර්ෂික සමස්ත ණය, මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදීමෙනි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 වසරේ මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22.156 ක් වේ.

ඊට අනුව ගණනය කිරීමේ දී මේ වන විට මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 1,114,551 කි. එනම් ලක්ෂ 11 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 11 ක ණයක් දරන්නෙකි. 2021 වසර අවාසානයේ දී එය දැක්වුණේ රු. 793,888 ක් ලෙසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...