කාදිනල් හිමිගේ පරංගි කතාවට ඩයනාගෙන් සැර පිළිතුරක් (VIDEO)

Date:

අපනයනය සඳහා කංසා වගාව, රාත්‍රී ආර්ථිකයක් බිහිකිරීම ඇතුළු රටේ ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් තමන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව කවුරුන් හෝ විසින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ව නොමග යවා ඇතැයි තමන්ට සිතෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“කාදිනල්තුමාට මම බොහොම ගරු කරනවා, මම සෑම ආගමකටම ලොකු ගරුත්වයක් තියෙන කෙනෙක්. මට හිතෙනවා කාදිනල්තුමාව කවුරුහරි විශාල විදියට නොමග යවලා තියෙනවා කියලා මේ සම්බන්ධයෙන්. ඔය කංසා නීතිගත කරන්නය කියලා කෑගැහුවෙත් මම. නයිට් ලයිෆ් ගේන්න කියලා කෑගහන්නෙත් මම. කැසිනෝ විනෝදාස්වාද කලාප හදලා මේ රටට රාත්‍රී ආර්ථිකයක් ගේන්න කියලා කෑගහන්නෙත් මමමයි. එතකොට පේන්නේ උන්වහන්සේ ඇත්තටම කතා කරලා තියෙන්නෙ මං ගැන තමයි.

හැබැයි මට කියන්න තියෙනවා උන්වහන්සේට, පරංගියා කියන්නෙ පෘතුගීසිකාරයාට. උන්වහන්සේ ඔය මේ රටේ දේශනා කරන ධර්මය, කතෝලික ආගම පරංගියා තමයි ගෙනාවෙ ලංකාවට. ඉතින් ඔය ආගම ගෙනාවෙ පරංගියා නම් පරංගියෝ හොඳ වෙන්න ඕනෙ නෙ. කොහොමද පරංගියෙක් කියලා කෙනෙක්ව විවේචනය කරන්නෙ ? එතකොට මේ මත්ද්‍රව්‍ය ගැන කියනවා. ඔය අබිං කියන මත්ද්‍රව්‍ය මේ රට තුළ ව්‍යාප්ත කළේ ඔය පරංගි කියන කොටස තමයි. මේ කංසා ටික නම් ඒගොල්ලො නැවැත්තුවෙ නෑ, කංසා නැවැත්තුවෙ බ්‍රිතාන්‍ය ජාතිකයො. හැබැයි පරංගි තමා අපේ රටට අබිං කියන එක ගෙනාවෙ.

එතකොට මට කියන්න තියෙන්නෙ කාදිනල්තුමාට, කවුරුහරි ඔබතුමාව නොමග යවලා තියෙනවා. හොඳට ඉතිහාසය බලන්න, ඉතිහාසය කියවන්න. මේ රටේ බුද්ධාගමට කිසිම හානියක් වෙන්නෙ නෑ කංසාවලින්. මොකද බුදුහාමුරුවෝ පවා ඖෂධයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා කංසා. ඒවා අපේ ඉතිහාසයේම ලියවිලා තියෙන දේවල්. ඉතින් ඉතිහාසයටවත් ධර්මයටවත් කිසිම දෙයක් මේකෙන් වෙන්නෙ නෑ. මේක මේ බිබී ඇවිදින්න කිව්ව දේකුත් නෙවෙයි.

අනිත් එක උන්වහන්සේ පරංගියෙක් කියනවා නම් මට, මම හොඳ දකුණේ බෞද්ධ පෙළපතකින් එන බෞද්ධ කුල කාන්තාවක්. මගේ පරපුරේ හොඳ පණ්ඩිත හාමුදුරුවරු ඉඳලා තියෙනවා”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...