ලූලාගේ ජයග්‍රහණය දරා ගැනීමට නොහැකි බොල්සනාරෝගේ ආධාර කරුවන් බ්‍රසීලය ගිනි තබයි

Date:

බ්‍රසීලයේ පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැති ජනාධිපතිවරණය වාමවාදී ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා විසින් ජයග්‍රහණය ලැබූ බව බ්‍රසීල මැතිවරණ අධිකරණය විසින් නිල වශයෙන් පසුගිය(13)වන දින තහවුරු කරන ලදි.

ඉන් අනතුරුව ජෝ බයිඩන් ඇමරිකානේ ජනාධිපති ලෙස නම් කළ දිනයේ සිදුවූ ජනවාරි 6 කැපිටල් ප්‍රහාරය හා සමාන තත්වයක් හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් විසින් ද ඇති කරන ලදි. එනම් ඔවුන් විසින් අගනුවර පිහිටි ෆෙඩරල් පොලිස් මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ කර ඇති අතර මෝටර් රථ සහ බස් රථ ගිනිබත් කර රටේ ව්‍යාකූල තත්වයක් ඇති කර ඇති බව වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ බොල්සනාරෝගේ දක්ෂිනාංශික ව්‍යාපාරය සංකේතවත් කරන කහ පැහැති බ්‍රසීල කමිසය හැඳි පිරිසක් මෙම ප්‍රචණ්ඩතිවය ඇති කළ බවත් පොලීසිය ඔවුන් විසුරවා හැරීම වෙනුවෙන් කඳුළු ගෑස් සහ අත්බෝම්බ භාවිතා කළ බවත්ය.

නව ජනාධිපතිවරයා ලෙස ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජනවාරි මස 01 වන දින දියුරුම් දීමට අපේක්ෂිත අතර දිවුරුම් දීම වළක්වා ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමට සුදානම්ව සිටින බවට වන චෝදනාව මත බොල්සනාරෝගේ ආධාරකරුවෙක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

දේශපාලන විචාරක තෝමස් ට්‍රෝමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, බොල්සනාරෝ ජනප්‍රිය අන්ත දක්ෂිණාංශික ව්‍යාපාරයක සිට ත්‍රස්තවාදී සෛලයක් බවට පත්ව ඇති බවයි. ්

රටතුළ ප්‍රචණ්ඩකාරී තත්වය මේ වන විට සමතයකට පත්ව ඇති මුත් ලූලාගේ පදවි ප්‍රාප්තියට පෙර තවත් පෙරළියක් ඇති විය හැකි බවට බියක් රට තුළ ඇති වෙමින් ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...