ඩයනාගේ කතාවලට සමගි ජන බලවේගයෙන් පිළිතුරු (VIDEO)

Date:

ඩයනා ගමගේ මහත්මිය නොයෙකුත් දෑ පවසමින් සිටින්නේ ආතතිය නිසා බවත් ඇයගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුව ලබන ජනවාරි 26 වනදා කැඳවූ පසු ඇයගේ ඉරණම එයින් තීන්දු වෙනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

“එයාගෙ මනස විකල් වෙලා තියෙන්නෙ. මොකද දැන් එතුමියගෙ හෘදසාක්ෂිය දන්නවානෙ එයාට පාස්පෝට් දෙකයි, එයාට උප්පැන්න සහතික දෙකයි. එයා ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. ලංකාවේ ඉන්න වීසාත් නෑ. ඉතින් එයා ඒක හොඳට දන්නවානෙ. එහෙම වුණාම ආතතිය ආවාම ඔය වගේ ඒවා කියවෙනවා. ඉතින් එහෙම කියනවා ජනතාවට. අපි දැක්කා මාධ්‍යවලිනුත් අහනවා, මාධ්‍යවලින් අනිත් පැත්ත අහන්නෙ නෑ, එකම උළුප්පලා අහනවා. එතකොට එයා ආතතිය නිසා කියවනවා. එයා දන්නවා, එයාට දැන් නඩුව තියෙනවා ජනවාරි 26න් පස්සෙ මොකද වෙන්නෙ කියලා. ඔයා ලංකාවෙ පුරවැසියෙක් නෙවෙයි නම් ඔයාට වීසා නැතුව ඉන්න පුළුවන්ද ලංකාවෙ ? ඔයා උප්පැන්න සහතික දෙකක් අරන් පාස්පෝට් දෙකක් ගත්තොත් මොකද වෙන්නෙ ? ඒවා හැබැයි උසාවියෙන් තීන්දු වෙන්න ඕනෙ. දැන් උසාවියට ගිහිල්ලා තියෙනවා.

එයාට සමගි ජන බලවේගයේ අයිතියක් නෑ. එයාට වෙන පක්ෂෙක අයිතියක් ඇති. සජබ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා. ඒකෙ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා. ඕනෙ කෙනෙකුට ඕනෙ එකක් කියන්න පුළුවන්. ගිය මහමැතිවරණයේදීත් ඔහොම එකක් ගියා, ඒක උසාවි ගියා. උසාවියෙන් තීන්දු කෙරුවා එහෙම දෙයක් නෑ, මේක නීත්‍යානුකූල පක්ෂයක් කියලා. තව වෙන අය උසාවි ගියානෙ, එක්සත් ජාතික පක්ෂයෙනුත් ගියානෙ. ඒත් උසාවිය පිළිගත්තානෙ, මැතිවරණ කොමිසමත් පිළිගත්තානෙ. තව මොනවද කියන්නෙ ?”

අශෝක් අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...