ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාවගේ නියෝජනයක් අත්‍යාවශ්‍යයි – සජිත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝජිතයින් පත්කිරීමේදී අනිවාර්යයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයකුට අවස්ථාව ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“දැන් බරපතළ ප්‍රශ්නයක් තියෙනවානෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ, ඒකත් මම මේ අවස්ථාවේ මතුකරන්න ඕනෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ඉඩ ප්‍රස්තාව ඇහිරිලා තියෙනවා. ඒක වැරදියි. එයින් මහා නරක පණිවිඩයක් දෙන්නෙ මේ රටටත් ලෝකයටත්. එහෙම වෙන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අපි උතුරු නැගෙනහිර ප්‍රජාවගේ නියෝජනයක් සඳහා අවස්ථාව දෙන්න ඕනෙ. ඒ නිසා මම කියන්නෙ ඒ වගේ දේවල්වලින් අපි පටන් ගමු. එතකොට අපි පාලම් හදනවා වෙනවා. මේ ජාතීන් හැටියට වෙන් කරන්න හදනවා නෙවෙයි, නමුත් හැමෝටම නියෝජනයක් තියෙන්න ඕනෙ”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික හමුවේදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...