මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් – පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ සඳහා සියලුම පාර්ශවවල සහය අපේක්ෂා කරන බවයි.

මේ දිනවල දෙමව්පියන් සිය දරුවන් සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුව ඇති බව ද ඔහු පැවසුවේ ය.

පාසල් සිසුන් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති උදය කුමාර මහතා පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය ඇතුළු අංශ සමග සාකච්ඡා කර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...