දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු පැල සිටුවීමේ ව්‍යාපෘතිය ඇරඹේ

Date:

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට ක්‍රියාත්මක කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු පැල සිටුවීමේ ව්‍යාපෘතියේ නියමු වැඩසටහනක්‌ බෙලිඅත්ත අන්තර් හුවමාරුව ආශ්‍රිතව ආරම්භ විය. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි මෙම ව්‍යාපෘතියට අදාල සියළුම කුරුඳු පැල වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සම්පුර්ණයෙන්ම නොමිලේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පරිත්‍යාග කර ඇත.

බෙලිඅත්ත අන්තර් හුවමාරු පරිශ්‍රය ආශ්‍රිතව සිදු කෙරුණු පැල සිටුවීමේ නියමු ව්‍යාපෘතියට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...