සිව්වන සුඛෝපභෝගී Ocean Odyssey නෞකාවත් ධනවත් එක්සත් ජනපද සංචාරකයන් 108 ක් රැගෙන දිවයිනට!

Date:

මෙරට සංචාරක හා ආගන්තුක සත්කාර කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමරිකාවේ ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු රැගත් තවත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් වන “Ocean Odyssey” පෙරේදා (18) දින කොළඹ වරායට සේන්දු විය.       

ඒ මෙරට ප්‍රථම සුඛෝපභෝගී මගී නෞකාව පැමිණ මාසයක් පමණ ඇතුළත නැංගුරම් ලා ඇති සිව්වැනි සුඛෝපභෝගී නෞකාව බවට මෙය පත් වීමෙන් අනතුරුවය.

මේ තුළින් සංචාරක අමාත්‍යාංශය සැලසුම් කරන්නේ රටෙහි ආර්ථික සංවර්ධනය හා සම්බන්ධ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් නාවික සංචාරක ව්‍යාපාරය සහ සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා පැමිණීම් ප්‍රවර්ධනය කිරීමටයි.

එමෙන්ම මිලියන 22.3 ක මගීන් රැගෙන යාමට ඇස්තමේන්තු කර ඇති මෙම ඩොලර් බිලියන 40 ක ලාභදායී සුඛෝපභෝගි මගී නැව් ව්‍යාපාරයට සම්බන්ධ වීමට ඉහළම Blue Chip සමාගම් හවුල් කර ගැනීමේ හැකියාව ද ඇති බව සංචාරක අමාත්‍යාංශය අනාවරණය කරයි. එමඟින් වෙළඳපල පරිමාවෙන් 3.2% ක වර්ධනයක් නිර්මාණය වන බව අමාත්‍යාංශය තවදුරටත් අනාවරණය කළේය.

තවද ඇමරිකානු සමාගමක් විසින් හිමිකම් කියන මෙම සුඛෝපභෝගී “Ocean Odyssey” නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට සේන්දු වූ අතර දෙසැම්බර් 19 දින ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කිරීමට නියමිතය.

මෙම නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ වරායෙන් බැස කොළඹ, කුරුණෑගල හබරණ, සීගිරිය, ත්‍රිකුණාමලය අවට සුඛෝපබෝගී බස් රථවලින් දින දෙකහමාරක් පමණ සංචාරය කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 21වන දින ත්‍රිකුණාමලය වරායෙන් නැවට ගොඩ වන බව “ඩේව් මැරීන්” නැව් නියෝජිත සමාගම කියාසිටියි.

අනතුරුව එම නෞකාව දෙසැම්බර් 21 වැනිදා පස්වරු 7.00ට ත්‍රිකුණාමල වරායේ සිට තායිලන්තය බලා යාත්‍රා කිරීමට නියමිතය.

මෙලෙස සංචාරක ක්ෂේත්‍රයට නව මං මාවත් විවර කරමින් සුඛෝපභෝගී නෞකාවන් ත්‍රිත්වයක් මෙරටට පැමිණියේ සංචාරක කර්මාන්තයේ වියැකීයන බලාපොරොත්තූන් වලට නව මාවතක් හෙළිපෙහෙළි කරමිනි.

පසුගිය දෙසැම්බර් 03 වැනි දින ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයේ සිට මගීන් 600කට වැඩි පිරිසක් රැගෙන කොළඹ වරායට ළඟා වූ තවත් සුඛෝපභෝගී නෞකාවක් වන Azamara Quest යනු ප්‍රථම සුඛෝපභෝගී මගී නෞකාව පැමිණි දින සිට දින 16ක් ඇතුළත සේන්දු වූ තෙවැනි සුඛෝපභෝගී නෞකාවයි.

තවද මේ වසරේ ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික අර්බුදයත් සමඟ වසංගත තත්ත්වයන් හේතුවෙන් රට වසා දැමීම සහ මාස ගණනක දේශපාලන අස්ථාවරත්වය ආදී දිගු කාලීන බලපෑම්වලින් බැට කෑ දිවයිනේ සංචාරක අපේක්ෂාවන් යලි පණගන්වමින් සංචාරකයින් 2,000 ක් රැගත් දෙවන සුඛෝපභෝගී නෞකාව වන Mein Schiff 5 නොවැම්බර් 29 වන ශ්‍රී ලංකාවට සේන්දු විය.

නෝර්වීජියානු සුඛෝපභෝගී මගී යාත්‍රා නෞකාවක් වන Viking Mars, පළමු මගී යාත්‍රාව ලෙස දින 35කට පෙර පුද්ගලයන් 1,000ක් පමණ සමඟ දිවයිනට පැමිණියේ සය මාසයක විරාමයකින් පසු දිවයිනේ සුඛෝපභෝගී නෞකාවන් පැමිණිමේ ක්‍රියාන්විතයට ආරම්භයක් සපයමින් සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට මංපෙත් විවර කිරීමක් ලෙස පසක් කරමින් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

ඕවින්දි විෂ්මිකා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...