හතලිස් තුන් ලක්ෂයක පාසල් දූ දරුවන්ට විපක්ෂ නායක සජිත්ගෙන් පොරොන්දුවක් ! (VIDEO)

Date:

වර්තමානයේ පාසල් ළමුන් ඉලක්ක කර ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන බවට කතිකාවක් යන අතර එයට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පිරිස් අත්අඩංගුවට පත් වුවත් ඔවුන් ජනතා බදු මුදලින් හිරගෙවල්වල සැප විදින නිසා බවත් මේ සම්බන්ධයෙන් ජනතාව මෙන් ම රජය තීන්දුවක් ගත යුතු බවත් ලිබරල්, කොමියුනිස්ට්, ප්‍රජාතන්ත්‍රවාදී ආදී විවිධ න්‍යායන් පැවතියත් අපේ රටේ දරු පරපුර විනාශ කරමින් මෙවැනි න්‍යායන් ක්‍රියාත්මක කළ නොහැකි හෙයින් ඉදිරියේ දී සමගි ජන බලවේග රජයක් තුළ මතින් තොර රටක් නිර්මාණ කර සුරක්ෂිත ළමා පරපුරක් ඇති කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම සෑම පාසලම පරිගණක මෙන් ම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ඉහළ නැංවිය යුතු බවත් සමහර දේශප්‍රේමී යැයි කියා ගන්නා පිරිස සිංහල පමණක් අවශ්‍ය යැයි පැවසීම නිසා ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන වරම් අප රටේ දූ දරුවන්ට අහිමි වී ඇති බවත් මේ තත්ත්වය වෙනස් කර ඉදිරියේදී සමගි ජනබලවේගය බලයට පත් වූ පසු කුමන පාර්ශ්වය විරුද්ධ වුවත් මෙරට දසදහසකට ආසන්න පාසල් පද්ධතිය තුළ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන වැඩපිළිවෙළ සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එසේ ම හතලිස් තුන්ලක්ෂයක් වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කර එය රටේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන බවත් එසේ කිරීමෙන් බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට මෙරට දූදරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමට බලකිරීමක් සිදු වන බවත් එය කඩකළහොත් ආණ්ඩුවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ උත්තර බැදීමට සිදු වනබවත් පක්ෂ දේශපාලන කුමක් වුවත් මේ රටේ ඉදිරියට පත්වන ඕනෑම ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ අධ්‍යාපන ඇමතිවරයකු එම නෛතික පීඩනයට ලක් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සක්වල වැඩසටහන ඔස්සේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...