පැවැති පෝලිම් අඩු වූයේ රට දැනට ණය ගෙවීම අත්හිටුවා ඇති නිසා – කිරිඇල්ල

අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් පැවැති පෝලිම් අඩු වූයේ රට දැනට ණය ගෙවීම අත්හිටුවා ඇති නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

කෙසේ වෙතත් ලබන වසරේ සිට නැවත ණය ගෙවීම ආරම්භ කළහොත් රටේ වැඩ කටයුතු කරගෙන යන්නේ කෙසේදැයි තමන් ප්‍රශ්න කරන බව ද එවිට නැවතත් පෝලිම් ඇතිවන්නේ යැයද ඔහු පවසයි .

ආණ්ඩුව ලෝකේ වටේ යනවා ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. නමුත් ජනතාව ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කර ඒ සහනය ලබා දෙන්නේ නෑ. අද බැංකු වාර්තාගත ආදායමක් ලබනවා. අද පෝලිම් ටිකක් අඩු වෙලා හින්දා ආණ්ඩුව හිතන් ඉන්නේ ඔක්කොම හරි කියලා. නමුත් ඔය ඔක්කොම හරි කියලා හැඟීම එන්නේ අපි දැනට ණය ගෙවන්නේ නැති හින්දා. ණය ගෙවීම නවත්තලා නිසා ආණ්ඩුවට සල්ලි ටිකක් තියෙනවා. ඒ සල්ලිවලින් තමයි දැන් වැඩ කටයුතු ටික කරන්නේ. නමුත් මම අහන්න කැමතියි ණය ගෙවන්න පටන් ගත්තම කොහොමද රටේ වැඩ කටයුතු කරන්නේ? වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 12 අපිට අවශ්‍යයි. බිලියන 6ක් කෑමට, ඉතිරි බිලියන 6ක් ණය ගෙවන්න. අපි මේ බිලියන 12 හොයාගන්නේ කොහොමද? ආණ්ඩුවට ඩොලර් බිලියන 12 හොයා ගන්න බැරි නිසා කරන්නේ ජනතාවට බදු ගහන එකයි යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...