කසුන්මය වේගය කොළඹ බලවත් කරයි

Date:

එල්පීඑල් තරගාවලියේ මූලික වටය නිමාවෙද්දී අවසන් කණ්ඩායම් හතර අතරට හෝ ඒ දැයි සැකෙන් බලා සිටි ඇන්ජලෝ මැතිව්ස්ගේ කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් තරගයට පිවිසෙන්නට සමත් වෙනවා.විශේෂයෙන්ම කැණ්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව වේග පන්දු යවන කසුන් රාජිත සිඳු කළ කසුන්මය පන්දු යැවීම ඊට හේතු වෙනවා.සිය පන්දු ඕවර් 4 ලකුණු 20 ට කඩුලු 4 ක් දවාගෙන නිමා කරන කසුන් ඒ සඳහා තරගයේ වීරයා සම්මානයට සුදුසු වෙනවා.
පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම කසුන් රාජිත ඉදිරියේ ආරම්භය අර්බූදයක් කර ගත්තද නායක වනිඳු හසරංග පිත්තෙන් පන්දු 34 දී හයේ පහර තුනක් සහ හතරේ පහර අටක් සමඟ නොදැවී එකතු කරන ලකුණු 77 නිසා ද,ඔහුට අනගි සහයක් දෙමින් පන්දු 42 දී ලකුණු 40 එකතු කරමින් කඩා වැටීම ගොඩ දැමීමට දායක වන අශේන් බණ්ඩාර නිසාද පන්දු ඕවර් 20 නිමාවේ කැන්ඩි ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 168 ක් සේ සටහන් වුණා.වනිදු සහ අශේන් සිව්වන කඩුල්ලට පවත්වන කඩුලු සබඳතාවය ලකුණු 92 ක් වුණා.
කළම්ඹු කණ්ඩායමේ හඹා යාමේ තීරණාත්මක සාධකය වු‍ණේ චරිත් හසලංක සහ දිනේෂ් චන්දිමාල්කඩුලු බිඳ වැටීමට තිත තබමින් දෙවන කඩුල්ලට එකතු කළ ලකුණු 90 ක සබඳතාවයයි.චරිත් හසලංක පන්දු හතළිහකින් ලකුණු 64 ක් ලබා ගත් අතර දිනේෂ් චන්දිමාල්ට පන්දු 33 දී ලකුණු 38 ක් එකතු ‍වෙනවා.ඉණිමේ අවසාන භාගයේදී යළිත් රවී බෝපරා සහ ඇන්ජලෝ මැතිව්ස් පස්වන කඩුල්ලට නොදැවුණු ලකුණු 45 ක සබඳතාවයක් එක් කරමින් පන්දු ඕවර් 20 නිමා වන්නට පන්දු හතකට ‍පෙර කළම්ඹු ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 169 දක්වා ගෙන එනවා.බොපාරා පන්දු 16 ක් තුළ නොදැවී ලකුණු 29 ක් රැස් කරන අතර මැතිව්ස් පන්දු 13 ක් තුළ නොදැවී ලකුණු 21 ක් ලබා ගන්නවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබිලා නෑ – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : රජය ආපදාවෙන් පීඩාවට...

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...