*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/23

1. මහජනතාවගේ ගැටළු විසඳනු වෙනුවට රජයේ නිලධාරීන් යුද්ධයක නියැලෙමින් සිටින යුක්රේනය සහ රුසියාව මෙන් හැසිරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – තමා වෙත ඉදිරිපත් වී ඇති ජනතා ගැටළු වලින් සියයට 50 ක් පමණ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් විසඳිය හැකි ඒවා බව ද පවසයි.

2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට ශ්‍රී ලංකාව ද්වීපාර්ශ්වික ණයහිමියන්ගේ මූල්‍ය සහතික ලැබෙනතුරු බලා සිටින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – අදාළ සියලු තොරතුරු ද්වීපාර්ශ්වික ණයහිමියන්ට තමා විසින් ලබා දුන් බවත්, දැන් ඔවුනට ඉතිරිව ඇත්තේ ඒවා පරීක්ෂා කර නැවත තමා වෙත පැමිණීම බව ද පවසයි – කෙසේවෙතත්, ආර්ථික විශේෂඥයන් පවසන්නේ, මාස 48 ක කාලයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඇ.ඩො. බිලියන 2.9 මාස 02 ක ආනයන ගෙන්වීමට තරම්වත් ප්‍රමාණවත් නොමැති බවයි.

3. අනුමැතියකින් තොරව ව්‍යාපාර කටයුතුවල නියැලුනු සංචාරකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට තම අමාත්‍යාංශය කටයුතු කරන බවට විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

4. 2022 වර්ෂය සඳහා වාණිජ ව්‍යාපාරවල, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සහ රජය සතු ව්‍යාපාරවල සේවකයන්ට ලැබීමට නියමිත වාර්ෂික අතිරේක දීමනා රු. 25,000 දක්වා කපා හරින බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි – පාඩු ලබන ආයතනවලට අතිරේක දීමනා නොමැති බව ද පවසයි – කෙසේවෙතත්, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරුන්ගේ වාර්ෂික ගමන් දීමනා රු. 303,600 සිට රු. 1,154,100 තරම් වූ අතිවිශාල මුදලකට ඉහළ දැමීමට මහින්ද සිරිවර්ධන කටයුතු කර ඇති බව ද සිහිපත් කළ යුතු ය.

5. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිදුවීමට අදාළව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ වහා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි – මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිසුන් 12 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කරයි.

6. රටේ ගල් අඟුරු තොග කළමනාකරණය කර ගැනීමට සහ දෛනික නඩත්තු කටයුතු පවත්වා ගැනීමට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර තුනෙන් එකක් අද දින වසා දමන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි – මෙම ගල් අඟුරු බලාගාරය විසින් මෙගාවොට් 300 ක ධාරිතාවයක් සපයනු ලබයි – මෙමඟින් විදුලි ජනනයට සිදුවන අඩුව පිරවීම සඳහා අනෙකුත් මූලාශ්‍ර වෙත යොමුවීමට නියමිතයි – දැනට පවතින පැය 02 මිනිත්තු 20 ක විදුලි කප්පාදුවේ වෙනසක් සිදුවන්නේ නැත.

7. සතොස විසින් භාණ්ඩ වර්ග 07 ක මිල අඩු කිරීමට නියමිතයි – සුදු සීනි රු. 220 (රු. 04 කින් පහතට); ආනයනික අර්තාපල රු. 285 (රු. 05 කින් පහතට); ලොකු ළූණු රු. 185 (රු. 05කින් පහතට); රතු පරිප්පු රු. 374 (රු. 11 කින් පහතට); දේශීය ටින් මාලු රු. 475 (රු. 15 කින් පහතට); මිරිස් රු. 1,780 (රු. 15 කින් පහතට); හාල්මැස්සෝ (තායි) රු. 1,100 (රු. 50කින් පහතට)

8. ඉහළ ගිය බදු, ඉහළ යා හැකි විදුලි කප්පාදු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමට ඇති ප්‍රමාදය මැද ජනතාව අවදිවෙමින් සිටින බැවින් නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමට රජය පැකිලෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම. උදය ගම්මන්පිල පවසයි.

9. ලෝකාන්තය නිරීක්ෂණය කිරීමට පැමිණෙන ජනතාවට පට්ටිපොල සහ බොරලන්ද අතර කේබල් කාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දෙයි.

10. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වටරවුමේ ස්ථාපිත කර ඇති එළවලුවලින් නිමවූ නත්තල් ගස කෙරේ ජනතා අවධානය – තම නිවෙස්වල එළවලු වගා කිරීමට ජනතාව උනන්දුකරවන පුවරු අසල සවිකර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan