උමංදාව බලන්න ගිය මහ බැංකු අධිපති..

Date:

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මැල්සිරිපුර උමංදාවට පැමිණ සිරි සමන්තභද්‍ර හිමියන් හමුවී උමංදාවේ සිදු කෙරෙමින් පවතින වගා සංග්‍රාමය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් නැරඹීය.

සිරි සමන්තභද්‍ර හිමියන්ගේ අදහසකට අනුව වාර්ෂිකව සිදු කරගෙන යන පාසල් සිසුන් දස දෙනකු සඳහා මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩ සටහන යටතේ සිසුන් පිරිසකට ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමද මෙහිදී නන්දලාල් වීරසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මීට අමතරව සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් සකස් කරන ලද උමංදාව ඒකාබද්ධ කළමණාකරන පද්ධතිය එළිදැක්වීමද මහ බැංකු අධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා නන්දලාල් වීරසිංහගේ බිරිඳ ද පැමිණ සිටි අතර සිරි සමන්තභද්‍ර හිමියන් ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම උමංදාවේ විශේෂ ආහාර වට්ටෝරුවලින් සකසන ලද සුවිශේෂී ආහාර වර්ග රැසක රස බැලීමේ අවස්ථාවද ලබා දුන්නේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...