*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කන්න නැතිව බෙහෙත් නැතිව ජනතාව දුක් විදින කොට පාලකයන් තරු හෝටල්වල සැප ගන්නවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

මේ වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් රෝහල්වල මෙන් ම ෆාමසිවලත් බෙහෙත් නොමැති බවත් එසේ බෙහෙත් නොමැතිව වැඩිහිටියන්, මව්වරුන්, දරුවන් ආදී පුරවැසියන් රැකගන්නේ කෙසේද? යන්න තමා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  කියා සිටියේ මුදලට ගන්න හෝ බෙහෙත් නොමැති අවස්ථාවක බෙහෙත්වල මිල ඉතා ඉහළට ගොස් ඇති බව යි. මේ කිසිවක් පාලකයන්ට නොතේරෙන බවත් ඔවුන්ට අවැසි ආකාරයට බෙහෙත්, ආහාර ලැබෙන නිසා ඔවුන් සුරසැප විඳින බවත් මේ නිවාඩු කාලයේ ඇමතිවරු තරු 7 හෝටල්වල සුරසැප විඳින බවත් ඔවුන්ට ලෙඩ රෝග ඇති වූ පසු යන්නේ තරු 7 රෝහල්වලට බවත් ඔවුන්ට ජනතාවගේ දුක නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (22) ත්‍රිකුණාමල රෝහලට රුපියල් ලක්ෂ 39ක් වටිනා වකුගඩු කාන්දු පෙරණ යන්ත්‍රයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.එය සමගි ජනබලවේගයෙන් හුස්මක් යටතේ ක්‍රියාත්මක 54 වන අදියර ය. මීට පෙර සමගි ජන බලවේගයෙන් හුස්මක් හරහා අදියර 53දී රු.160,266,900ක රෝහල උපකරණ පරිත්‍යාග කොට ඇත.

වෛද්‍යවරුන්ගේ සංගමය, රෝහල් අධ්‍යක්ෂවරු පවා කියා සිටින්නේ පුළුවන් තරම් සැත්කම් කළමනාකරණය කර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය නිර්වින්ධන බෙහෙත් පවා නොමැති වීම අතිශය ගැටලුවක් බවත් මේකට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතිශය දූෂිත වීම නිසා බවත් ඇතැම් ටෙන්ඩර් ක්‍රියාත්මක වන්නේ මාස 11කට පසුව බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ. මහ බැංකු වාර්තා අනුව බෙහෙත් සඳහා මාසෙකට ඩොලර් මිලියන 50ක් පමණ වැය වුණත් වත්මන් නායකයන්ට එම මුදල හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් බෙහෙත්වලින් පවා සොරා කෑමට පුරුදු වී ඇති බවත් මේ තත්ත්වය ඉදිරියේ දී සමගි ජන බලවේගය බලයට පත් වූ පසු වෙනස් කර මෙවැනි කොමිස්කාරයන්ට පගාකාරයන්ට එරෙහිව පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එමෙන් ම ජනතාවට වැඩ කිරීමේ හැකියාව, බලයක් නොමැති වුවත් ධානපතියන් හරහා ප්‍රතිපාදන, සම්පත් ලබා ගැනීමේ හැකියාවක් පවතින නිසා මෙරට රෝහල් රැසකට මිලියන ගණනින් බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට හැකි වූ බවත් ඒ තුළින් දහස් සංඛ්‍යාත ජනයා සුවපත් වනු දැකීම තුළ තමා අතිශය සතුටට පත්වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan