නත්තලේ සැබෑ අරුත වටහාගනිමින් ලෝකය සුවපත් කිරීමට එක්වන්න – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්

නත්තලේ සැබෑ අරුත වටහාගනිමින් ලෝකය සුවපත් කිරීමට එක්වන්නැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙයට එක්වෙමින් එතුමන් මෙම ඉල්ලීම සිදු කළ අතර යේසුස් වහන්සේගේ උපතින් වසර දෙදහසකට පසුව, බොහෝ නත්තල් සැරසිලි සහ සැමරුම් පැවතිය ද නත්තලේ සැබෑ අරුත ලෝකවාසින් අමතක කර ඇතැයි ශුද්ධෝත්තම පියතුමන් පැවසීය.

මෙවර ලොව පළමුව නත්තල උදාවූයේ නවසිලන්තයටයි.

ඉන්පසු හෝරා කිහිපයකින් බටහිර රටවලට නත්තල උදා වූ අතර මෙවර ලෝකවාසීන් නත්තල සමරන්නේ කොරෝනා වසංගතයෙන් වසර තුනකට පසුවයි.

රුසියා – යුක්‍රේන යුද්ධය ද මෙවර ලෝක සාමයට තර්ජනයක්ව ඇති අතර යුද ගිනි දැල් මැද නත්තල සැමරීමට නොහැකිව යුක්‍රේන ජනතාව දැඩි ශෝකයට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...