ඩබල් වන බදු ආදායම

Date:

ඉදිරි වර්ෂ පහේදී රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින සියයට 8.8 සිට සියයට 15.2 දක්වා වැඩිකර ගැනීමට රජය සැලසුම් කර ඇත.

මේ අනුව 2022 වසර සඳහා අපේක්‍ෂිත රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.3ක් වන අතර එම ප්‍රතිශතය ලබන වසරේ (2023) දී සියයට 11.3 දක්වා ද, වර්ෂ 2024 දී සියයට 13.5 දක්වා ද, වර්ෂ 2025 දී සියයට 15 දක්වා ද වර්ෂ 2026 දී සියයට 15.1 දක්වා ද වර්ෂ 2027 දී සියයට 15.2 දක්වා ද වැඩිකර ගැනීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

මෙම මුළු රාජ්‍ය ආදායම නියෝජනය කරන රජයේ බදු ආදායම ද මේ වර්ෂය (2022) සඳහා ඇස්තමේන්තු කර ඇති දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.8 සිට වර්ෂ 2027 දී සියයට 15.1 දක්වා වර්ධනය කර ගැනීමට මුදල් අමාත්‍යාංශය ඉලක්ක කර ඇත.

මේ අතර රාජ්‍ය ආදායම් මෙසේ වැඩි කර ගන්නා අතරම රජයේ මුළු වියදම ඉදිරි වර්ෂවලදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක මට්ටමේ පවත්වාගෙන යෑමට ද එම අමාත්‍යාංශය ඉලක්ක කර ඇත.

මේ නව බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ පාහැදිලි කිරීමේ සම්මන්ත්‍රණයක් ඉකුත් සිකුරාදා (23දා) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ගැන ඉදිරිපත් කිරීමක් ද සිදු කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...