ඩබල් වන බදු ආදායම

Date:

ඉදිරි වර්ෂ පහේදී රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින සියයට 8.8 සිට සියයට 15.2 දක්වා වැඩිකර ගැනීමට රජය සැලසුම් කර ඇත.

මේ අනුව 2022 වසර සඳහා අපේක්‍ෂිත රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.3ක් වන අතර එම ප්‍රතිශතය ලබන වසරේ (2023) දී සියයට 11.3 දක්වා ද, වර්ෂ 2024 දී සියයට 13.5 දක්වා ද, වර්ෂ 2025 දී සියයට 15 දක්වා ද වර්ෂ 2026 දී සියයට 15.1 දක්වා ද වර්ෂ 2027 දී සියයට 15.2 දක්වා ද වැඩිකර ගැනීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

මෙම මුළු රාජ්‍ය ආදායම නියෝජනය කරන රජයේ බදු ආදායම ද මේ වර්ෂය (2022) සඳහා ඇස්තමේන්තු කර ඇති දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.8 සිට වර්ෂ 2027 දී සියයට 15.1 දක්වා වර්ධනය කර ගැනීමට මුදල් අමාත්‍යාංශය ඉලක්ක කර ඇත.

මේ අතර රාජ්‍ය ආදායම් මෙසේ වැඩි කර ගන්නා අතරම රජයේ මුළු වියදම ඉදිරි වර්ෂවලදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක මට්ටමේ පවත්වාගෙන යෑමට ද එම අමාත්‍යාංශය ඉලක්ක කර ඇත.

මේ නව බදු ප්‍රතිසංස්කරණ පිළිබඳ පාහැදිලි කිරීමේ සම්මන්ත්‍රණයක් ඉකුත් සිකුරාදා (23දා) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතා බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ගැන ඉදිරිපත් කිරීමක් ද සිදු කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...