ඉන්ධන නැව් දෙකක් කොළඹ වරායෙන් නිදහස් කර ගනී – විදුලියටත් තෙල් ලැබෙයි

Date:

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,000ක් රැගත් නෞකා දෙකක් අද (19) පෙරවරුවේ කොළඹ වරායෙන් නිදහස් කරගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ කඩිනම් මැදිහත්වීම මතයි.

එම ඉන්ධන වලින් මෙට්‍රික් ටොන් 10000ක් දිවයිනේ ඇණහිට ඇති විදුලි බලාගාරවල විදුලි ජනන කටයුතු සඳහා ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

ඒ අනුව දින 08කට ප්‍රමාණවත් ඩීසල් තොගයකුයි විදුලි ජනනය සඳහා නිදහස් වන්නේ.

අද දින ඉන්ධන ලැබුණහොත් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම ලබා දීමේ හැකියාවක් පවතින බව ඊයේ දින විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ අමහතා මාධ්‍ය වෙත සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...