අගමැති මෝදී ගේ මවගේ අභාවය ගැන ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය!

Date:

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී ගේ මව වන හීරාබෙන් මෝදි මැතිණියගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ නිවේදනයක් නිකුත්කරමින් සිය බලවත් හෘදයාංගම ශෝකය පළකරසිටිති.

” වයස අවුරුදු 99 ක් ආයු වළඳා අද දින (29) අභාවප්‍රාප්ත වූ හීරාබෙන් මෝදි මාතාව රටට ලෝකයට වැඩදායි දරුවන් බිහි කරලීමේ උත්තුංග ආදර්ශය ලබා දුන් ගෞරවනීය භාරත මාතාවක් බවයි බානගල උපතිස්ස නා හිමියන් සඳහන් කරන්නේ.

ඇය කිසිවිටෙකත් තම පුතුනුවන් මහා ඉන්දියාවේ අගමැති බව නොසැලකූ ,එම වරප්‍රසාදයන් තම ජීවිතයේ කොටසක් කර නොගත්,තමා ගතකළ සාමාන්‍ය ජීවිතයෙන් මතකට හෝ ඔබ්බට නොගිය මහා ආදර්ශමත් මාතාවක් බවද උන්වහන්සේ කියාසිටියි.

ඇයගේ ඒ නිහතමානිත්වයට ඉන්දියානුවන් පමණක් නොව ලෝකවාසී ජනතාව ද මහත් ගෞරවයෙන් සැලකූ බවත්
ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි අගමැතිතුමන් සිය මෑණියන්ගේ අභාවයේ දී ප්‍රාර්ථනා කළ පරිදිම “මහිමාන්විත ශතවර්ෂයක් දෙවියන් වහන්සේගේ පාමුල රැඳේවා” යන්න අපිදු ඇයට ප්‍රාර්ථනා කරන බවත් බුදු දහමට අනුව ඇයට නිවන් සුව පතන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...