කැලැන්ඩර් හා දිනපොත් මුද්‍රණය 90% කින් අඩුවෙලා …

Date:

2023 නව වසර වෙනුවෙන් කැලැන්ඩර් හා දිනපොත් මුද්‍රණය සියයට 80 ක් 90 ක් පමණ ඇනහිට ඇතැයි ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති, සමස්ත ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුශාසක ආරියදාස වීරමන් මහතා පැවසීය.

මේ අනුව මෙම කැලන්ඩර්, දිනපොත් මෙන්ම ග්‍රන්ථ මුද්‍රණය කිරීම අද සිහිනයක් බවට පත්වී ඇතැයි හෙතෙම පැවසීය.

රටේ පැනනැගී තිබෙන ඩොලර් අර්බුදය අනුව කඩදාසි මිල අද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය ඉතා ඉක්මනින් විසඳීමට අදාළ වගකිවයුත්තන් පියවර ගත යුතුව ඇති බවද හෙතෙම කීවේය.

මේ අතර අධිකරණ බන්ධනාගාර පුරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...