කැලැන්ඩර් හා දිනපොත් මුද්‍රණය 90% කින් අඩුවෙලා …

Date:

2023 නව වසර වෙනුවෙන් කැලැන්ඩර් හා දිනපොත් මුද්‍රණය සියයට 80 ක් 90 ක් පමණ ඇනහිට ඇතැයි ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති, සමස්ත ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අනුශාසක ආරියදාස වීරමන් මහතා පැවසීය.

මේ අනුව මෙම කැලන්ඩර්, දිනපොත් මෙන්ම ග්‍රන්ථ මුද්‍රණය කිරීම අද සිහිනයක් බවට පත්වී ඇතැයි හෙතෙම පැවසීය.

රටේ පැනනැගී තිබෙන ඩොලර් අර්බුදය අනුව කඩදාසි මිල අද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය ඉතා ඉක්මනින් විසඳීමට අදාළ වගකිවයුත්තන් පියවර ගත යුතුව ඇති බවද හෙතෙම කීවේය.

මේ අතර අධිකරණ බන්ධනාගාර පුරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...