විදුලිබිල වැඩිකිරීමට බලපාන කිසිදු සාධකයක් පෙනෙන්නට නෑ – ජනක රත්නායක

Date:

නුදුරු අනාගතයේ විදුලිබිල වැඩිකිරීමට බලපාන කිසිදු සාධකයක් පෙනෙන්නට නැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අදහස් දැක්වූයේ මෙසේයි,

“මහජනතාවට කියන්න තියෙන්නේ විදුලි බිල හෙට වැඩි වෙනවා කියන කතාව, ඒ කැබිනට් පත්‍රිකාව අපිට ලැබුණාම ඒ සඳහා අපි නිසි පියවර ගන්නවා. ඒ අවශ්‍ය විදියට අපි විදුලි බල මණ්ඩලයට දන්වා සිටී කොහොමද මේක කළ යුත්තේ කියලා. ඒ ක්‍රමවේදෙට ආවොත් තමයි අපි මේ පිළිබඳ සාකච්ඡාවක් තියන්නේ. ඒත් විදුලිබල මණ්ඩලයේ ඇතිවෙන ගිය අවුරුදු කිහිපයේ ඇති වෙන අලාභයත් ඒ වගේම ඉදිරියේදී තෙල් හා ගල් අඟුරු ලබා ගැනීම සඳහාත් විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයක් පනත අනුව නෑ. පනත අනුව තියෙන්නේ පිරිවැය අයකර ගැනීමේ ක්‍රමවේදයක් ඒ ක්‍රමවේදයට අනුව අපි ඉදිරියේදී යෝජනාව විදුලි බල මණ්ඩලයෙන් ලැබුණොත් එහෙම ඒ පිළිබද ක්‍රියා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.දැනට තියන තත්ත්වේ අනුව කිසිම විචල්‍ය සාධකයක ගනන් වැඩි වීමක් ලෝක වෙළෙඳපොළේ හෝ ලංකාවේ ආර්ථිකයේ සිදු නොවන නිසා අපි හිතනවා ඉදිරියේදී නුදුරු අනාගතයේදී විදුලිබිල වැඩි වීමක් සිදු නොවෙයි කියලා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...