ආණ්ඩුව මැතිවරණයක් දෙන්නේ නැත්නම් මැතිවරණයක් ගන්න අපි ලෑස්තියි – ජවිපෙ නලින්ද

ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් මැතිවරණයක් ලබාගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“මහජන බලය යථාවක් බවට පත්කර ගැනීම සඳහා මැතිවරණයක් ඕනෙ. ජනතා පරමාධිපත්‍යය ප්‍රකාශයට පත්වෙන්නෙ මැතිවරණ හරහා. ඉතින් අපි මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව දෙන්නෙ නැත්නම් මැතිවරණයක් ගන්නත් ජාතික ජන බලවේගය සූදානම්. විදුලිබල ඇමතිවරයෙක් කොහොමද ප්‍රසිද්ධියේ අහන්නෙ ජනතාවගෙන් ලයිට් කපාගන්න ලෑස්තිද, විදුලි බිල වැඩිකරන්න ලෑස්තිද කියලා ? මේක බොරුවක්. මම අහන්නෙ දැන් ලයිට් කපන්නෙ ඩීසල්, ගල් අඟුරු ගෙන්වන්න ඩොලර් නැති නිසාද, එහෙම නැත්නම් විදුලිබල මණ්ඩලය පාඩු නිසාද ? මේ තියෙන්නෙ මේ අර්බුදය පාවිච්චි කරලා විදුලිබල මණ්ඩලය කෑලි කරලා විකුණන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න එක”

නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...