ආණ්ඩුව මැතිවරණයක් දෙන්නේ නැත්නම් මැතිවරණයක් ගන්න අපි ලෑස්තියි – ජවිපෙ නලින්ද

Date:

ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් මැතිවරණයක් ලබාගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“මහජන බලය යථාවක් බවට පත්කර ගැනීම සඳහා මැතිවරණයක් ඕනෙ. ජනතා පරමාධිපත්‍යය ප්‍රකාශයට පත්වෙන්නෙ මැතිවරණ හරහා. ඉතින් අපි මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව දෙන්නෙ නැත්නම් මැතිවරණයක් ගන්නත් ජාතික ජන බලවේගය සූදානම්. විදුලිබල ඇමතිවරයෙක් කොහොමද ප්‍රසිද්ධියේ අහන්නෙ ජනතාවගෙන් ලයිට් කපාගන්න ලෑස්තිද, විදුලි බිල වැඩිකරන්න ලෑස්තිද කියලා ? මේක බොරුවක්. මම අහන්නෙ දැන් ලයිට් කපන්නෙ ඩීසල්, ගල් අඟුරු ගෙන්වන්න ඩොලර් නැති නිසාද, එහෙම නැත්නම් විදුලිබල මණ්ඩලය පාඩු නිසාද ? මේ තියෙන්නෙ මේ අර්බුදය පාවිච්චි කරලා විදුලිබල මණ්ඩලය කෑලි කරලා විකුණන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න එක”

නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...