ඩීසල් මිල අඩුවුණ පරිදි බස් ගාස්තුත් අඩුවෙයිද? (VIDEO)

Date:

ඩීසල් මිල තවත් රු.30කින් අඩුකරන්නේ නම් බස් ගාස්තු සංශෝධනයකට සූදානම් බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

ඒ, රජය විසින් ඊයේ දින ඩීසල් මිල රු. 15කින් අඩු කිරීමත් සමඟ බස් ගාස්තුවද යම් අඩුවීමක් සිදුවන්නේද යන්න මාධ්‍ය විසින් කළ විමසීමකට අද (03) දින පිළිතුරු දෙමිනි.

මේ වන විට රජය විසින් අවස්ථා තුනකදී රු.15 බැගින් ඩීසල් මිල අඩු කළද බස් කර්මාන්තයට අදාළ අමතර කොටස් ඇතුළු සෙසු වියදම් කිසිසේත් අඩුවීමක් සිදුව නොමැති හෙයින් ඩීසල් මිල අඩුවන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවයි ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ.

ඒ අනුව බස් රථ කර්මාන්තයට අවශ්‍ය අමතර කොටස් ඇතුළු වියදම 50%කින් මිල අඩුකිරීමක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරන ලදී.

මේ අතර ජාතික ගමනාගමන කොමිසමට අවශ්‍ය පරිදි බස් ගාස්තු අඩු කිරීමට හෝ වැඩි කිරීමට ක්‍රියා කළ නොහැකි අතර පෞද්ගලික බස් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කර ඇත්තේ බස් හිමියන් වන හෙයින් බස් ගාස්තු සංශෝධනයකදී ඔවුන්ගේ කැමැත්ත විමසිය යුතු වන බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සඳළුතලයෙන් බිමට බැස්ස තානාපති සේවය! (VIDEO)

කොළඹ LNW:ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට...

චමරිමය රැයක් වූ අසිරිමත් ක්‍රිකට් සම්මාන උළෙල

නිශ්මං රණසිංහ ජුනි 10, කොළඹ LNW: ක්‍රිකට් සම්මාන රාත්‍රියට පෙර...

‘සාගරිකා’ දුම්රිය අනතුර වැලකූ අයව ඇගයේ!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : පසුගිය දා වෙරළබඩ...

ව්‍යාජ ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයින් 05...