සංචාරක වීසා වලින් රට රැකියාවට යන්න එපා!

සංචාරක වීසා යටතේ රට රැකියා සඳහා යන සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එසේ විදේශ ගතවන පිරිස් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඕමානයේ අතරමංව සිටින සහ දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ආරක්ෂිත මධ්‍යස්ථානවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කාන්තාවන් 08 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම 2022 දෙසැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණි බවත් කාන්තාවන් 6 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම අද දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...