සංචාරක වීසා වලින් රට රැකියාවට යන්න එපා!

Date:

සංචාරක වීසා යටතේ රට රැකියා සඳහා යන සියලුම ශ්‍රී ලාංකිකයින් අසාදු ලේඛනගත කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එසේ විදේශ ගතවන පිරිස් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඕමානයේ අතරමංව සිටින සහ දැනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ආරක්ෂිත මධ්‍යස්ථානවල සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කාන්තාවන් 08 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම 2022 දෙසැම්බර් 24 වන දින ශ්‍රී ලංකාවට පැමිණි බවත් කාන්තාවන් 6 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම අද දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තත්පර 40න් නිෂ්කාශනය ඉවරයි – ශ්‍රී ලංකාවේ පළමු E – Gate පද්ධතිය කටුනායක විවෘත වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය...

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...