කයිවාරුවලින් රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

කයිවාරුවලින් රට ගොඩනැඟිය නොහැකි බවත්, කළ යුත්තේ නිවැරදි කණ්ඩායමක්, නිවැරදි චින්තනයක් ඔස්සේ රට ගොඩනැඟීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් බස් රථය පදවාගෙන යනවද, යන්න පිළිබඳව විවේචනය කරනවට වඩා මේ කරන කටයුත්ත ඵලදායි ද නැද්ද පිළිබඳව විමසා බලන බව වටින බව පැවසූ විපක්ෂ නායකවරයා රටේ අධ්‍යාපන පද්ධතිය ගොඩනැගීම වෙනුවෙන් කුමන විවේචන පැමිණියද එම කටයුතු නතර නොකරන බව ද අවධාරණය කළේය.

අද වන විට ලෝකයේ දියුණු රටවල් සියල්ලම පාහේ නවීන අධ්‍යාපන ක්‍රමවේද අත්හදා බලන බව පැවසූ විපක්ෂ නායකවරයා, රටක් ගොඩනැගිය හැක්කේ අධ්‍යාපනයේ නව පිම්මක් තුළින් බවද පැවසීය. කාලයක් පරණ පටල යුද්ධ වලට සහ ප්‍රශ්න වලට මැදි වී තිබූ රටක් වූ රුවන්ඩාව අද වන විට අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අධ්‍යාපනයේ නව ප්‍රවණතා තුලින් ඉදිරියට ගිය එවන් රටවල් බොහෝ තිබෙන බවද පෙන්වා දුන්නේය.

අලුත් ලොවක් ප්‍රාර්ථනා කරන මතු පරපුර වෙනුවෙන් කරන ලද මහා ව්‍යායාමයක 56 වැනි අදියර ලෙස සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස්රථ පරිත්‍යාගය, පසුගියදා (02) ගාල්ල උඩුගම ජාතික පාසැලට පරිත්‍යාග කරමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...