*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අර්ශදීප් එපා – ගෞතම් ගාම්භීර්

පිතිකරණයේදී සංයමයෙන් ඉණිම ගොඩ නඟන පිතිකරුවෙක් වුව ද,ගෞතම් ගාම්භීර් යනු විස්තර විචාරකයෙක් හැටියට ගත් විට සංවේදීව අනවශ්‍යය ප්‍රකාශ කරන්නෙක් බව යළිත් තහවුරු කරමින් ගෙවුණු ලෝ කුසලාන තරගාවලියේදි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම සේවය කළ වේග පන්දු යවන්නා වන අර්ශදීප් සිං ව බරපතල ලෙස විවේචනයට ලක් කර ඇත.
ඒ ශ්‍රී ලංකාව ලකුණු 16 න් ජයගත් දෙවන විස්සයි විස්ස තරගයේදී අර්ශදීප් විසින් නිපන්දු පහක් යොමු කිරීම සම්බන්ධයෙන්ය.නිවැරදි රිද්මය නොමැතිව තරගයට සහභාගි වෙමින් ඔහු ඉන්දීය කණ්ඩායමට විශාල හානියක් කළ බව හැඟවෙන අයුරෙන් කතා කරන ගෞතම් ගාම්භීර් ඔහු ඒ තරගයට තෝරා නොගත යුතුව තිබුණ බව පැවසීය.
ඔහු රිද්මයට පැමිණ නැතිව ජාත්‍යන්තර තරග ක්‍රීඩා නොකළ යුතු බව පවසන ගාම්භීර්,රිද්මයට පැමිණෙන තෙක් දේශීය තරග ක්‍රීඩා කළ යුතුව තිබුණ බව ද පැවසීය.
පුහුණුකරුවන්ට ද සියුම් ආකාරයට ප්‍රහාරයක් එල්ල කරපු ගාම්භීර් දැල තුළ පන්දු යැවීමේදී ක්‍රීඩකයින් විසින් නොසැළකිල්ලේ නිපන්දු යවන බවත්,පුහුණුකරුවන් ඒ තත්ත්වයන් පාලනයට අවධානය යොමු කළ යුතු බවත් ගාම්භීර් ගේ අදහසය.ඉන්දියාව පරාජයට පත් වූ දෙවන විස්සයි විස්ස තරගයේදී නිපන්දු 7 ක් යවා තිබුණ අතර ගාම්භීර් පෙන්වා දෙන්නේ එය පන්දු ඕවර් 21 ට වැඩි ප්‍රමාණයක් සකස් කරන බවය.
පුහුණුවීම්වලදී පුහුණුකරුවන් තදින් ඉන්න ඕනි.එහෙම නොවීමත් මේ වැරදිවලට හේතු වෙනවා. යනුවෙන් පන්දු යැවිමේ පුහුණුකරුවන් දැල තුළ කරන පන්දු යැවීම්වලදී ප්‍රමාණාත්මකව අවධානය යොමු නොකරන බවට වක්‍රාකාරව චෝදනා එල්ල කරමින් ගාම්භීර් පැවසීය.
නමුත් අද පැවත්වෙන තෙවන තරගයට ද,අර්ශදීප් යෙදීමට ඉඩ ඇති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙන අතර,ඔහු ඉන්දීය කණ්ඩායමට කර ඇති සේවය එක් තරගයකින් අමතක කර දැමිය නොහැකි අන්දමේ එකක් බව ඉන්දීය ක්‍රිකට්වල විශ්වාසය යි.
අද පස්වරු 7.00 රාජ්කොට් හී දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙන අතර රාජ්කොට් හී අද යහපත් දේශගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ අනාවැකි පැහැදිළි කරයි. නමුත් ඇතැම් විට උෂ්නත්වය සෙල්සියස් අංශක 31 සිට අංශක 16 දක්වා පහත වැටීමට ඉඩ තිබෙන බව පෙන්වා දෙයි.එම තත්ත්වය මත ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ වෙනසක් අපේක්ෂා කළ නොහැකි අතර ඇතැම් විට ලකුණු සොයමින් කරදරයක පැටලී සිටින භානුකට විවේකයක් දී ලකුණු අතර සිටින සදීර සමරවික්‍රම කැඳවන්නට යම් ඉඩක් ඇත.
පූර්ව තත්ත්වය අනුව දත්ත සකස් වී ඇති ආකාරයට ඉන්දියාවට තරගය ජය ගැනීමට 62% ක ඉඩක් පවතින බව පෙන්වා දී ඇත.ශ්‍රී ලංකාවට ඇත්තේ 38% විශ්වාසයකි.නමුත් තරගයක ඇත්ත තීරණය වන්නේ ඒ තත්පරයට නිවැරදිව මුහුණ දීම තුළ අඩුම අත්වැරදි ප්‍රමාණයක් කරන කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමින්ය.නොසිතූ විරූ ප්‍රහාර මෙන්ම නොසිතූ වීරූ උඩ පන්දු රැක ගැනීම් ප්‍රමුඛ කර ගත් පන්දු රැකීම්වලට ද විශාල හැකියාවක් තරගයක් වෙනස් කිරීම සඳහා ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan