නීතියත් ගණන් යයි!

Date:

නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තු ඇතුළු නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු ඉහළ නංවා තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර එමගින් නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

පොදු ප්‍රවේශ විභාගයෙන් සෘජුවම ඇතුළත් වන පළමු වසර ශිෂ්‍යයන් සඳහා ඇතුළත්වීමේ ගාස්තු රුපියල් 25,000ක් ඇතුළුව එම වර්ෂය සඳහා රුපියල් 67,500ක් අය කිරීමට නියමිතය.

විදේශීය නීතීවේදී උපාධිය සහිතව පළමු වසරට ඇතුල් වන ශිෂ්‍යයින් සඳහා රුපියල් 75,000ක ඇතුළත්වීමේ ගාස්තුවක් සහිතව එම වසර සඳහා රුපියල් 117‍,500ක් ගෙවිය යුතු වේ.

දෙවන වසර ශිෂ්‍යයන් සඳහා සමස්ත ගාස්තුව රුපියල් 40,500ක් ද තෙවන වසර ශිෂ්‍යයන් සඳහා රුපියල් 50,500ක් ද අය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල පනත යටතේ පිහිට වූ විශ්වවිද්‍යාලයක හෝ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය සහිතව ඇතුළත්වන තෙවන වසර ශිෂ්‍යයන් සඳහා රුපියල් 25,000ක ඇතුළත්වීමේ ගාස්තුවක් අය කිරීමට නියමිතය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...