ජනතා සන්ධානය අද එළි දැක්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරග කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය අද (11) එළි දැක්වේ.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

එම සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කර ඇත.

නව සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, හෙලිකොප්ටරය ඡන්දය් ලකුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට කණ්ඩායම් ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරන උත්තර ලංකා සභාගය මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් පිරිස ඇතුළු ආදී පක්ෂ නව සන්ධානය නියෝජනය කරනු ඇති.

නව සන්ධානය නියෝජනය කරන පක්ෂවල සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 38 කට අධිකය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...