හොකී ලෝකයට භාරත කලාවේ හරසර

Date:

ජාත්‍යන්තර හොකී සම්මේලන පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් ඉන්දියාවේ ඔඩිෂා හී කටාක්,බරබාති ක්‍රීඩාංගණයේදී අපූර්ව සංස්කෘතික අංග සහිත උත්සවයක් පැවත්විණි.තරගාවලිය නියෝජනය කරන්නට සපැමිණි රටවල් 16 ක් ක්‍රීඩකයින් සහ සම්භාවනීයන් ඉදිරියේ මහා භාරත කලාවේ අභිමානය සහ ආනන්දය විඳ ගැන්මට සළස්වා තිබූ එම සංස්කෘතික සංදර්ශනය ‘Celebrations’ ලෙස නම් කර තිබිණ.


නිල ප්‍රභූන් ඉදිරියේ ලෝක කුසලානය ප්‍රදර්ශනය කරන මොහොතේදී ක්‍රීඩාංගණයට රැස්ව සිටි 40,000 ක් පිරිස විශ්මයට පත් කරමින් විසීරී ගිය අලංකාර ගිණි කෙළි විශ්මයත්,අපූර්වත්වයත් සටහන් කළේය.
ඔඩිෂා කලා ශිලිපීණි ශ්‍රේයා ලෙනේකා මෙන්ම බොලිවුඩ් තරු පැහැ ගන්වන නර්ථන ශිල්පිණි දීෂා පටිනිගේ නර්ථක කණ්ඩායමත්,සංගීතවෙදී ප්‍රීතම්ගේ ගායක කණ්ඩායමත් ගිණිකෙළි තරමටම විචිත්‍රවත් වින්දනයක් එකතු කිරිමෙන් අනතුරුව මෙවර තරගාවලියේ නිල ගීතය වූ Hockey Hai Dil Mera, තාක්ෂණික මෙවලම් හී අපූරු භාවිතාවන් සමඟ බරබාති ක්‍රීඩාංගණයේ දී සජීවිව ගැයිණ.
වඩාත් විශ්මිත වූයේ ඔඩිෂා වෙරළේ වැලි යොදාගෙන කළ නිර්මාණයකින් හොකී ක්‍රීඩාවේ වසර 100 ක උරුමය විස්තර කරන සංදර්ශනය විය.එම විශ්මය ප්‍රදර්ශනය කළේ සුදර්ශන් පට්නායික් ය.හොකී බෝල 5000 ක්,වැලි ටොන් 5 ක් යොදාගෙන කරන ලද පට්නායික්ගේ අපූරු නිර්මාණය මෙන්ම , 2023 හොකී ලෝක කුසලානයට පැමිණෙන ආගන්තුකයන්ට ගුවන් තොටුපළේදී වැලි මූර්තිවලින් සංග්‍රහ කරනවා පමණක් නොව, මහානදී ඉවුරේ ඉදිකරන ලද ලොව විශාලතම හොකී මූර්තිය ද දැක ගත හැකිය.
මනීෂ් පෝල් සහ ගෞහාර් ඛාන්ද, පසුව රාත්‍රියේ තරුව රන්වීර් සිං ගේ, හිප්-හොප් ගායනා සහ ජවසම්පන්න නර්තන ප්‍රසංගවලින් ද අනතුරුව චාරිත්‍රානුකූලව ගිනිකෙළි සංදර්ශනවලට පැමිණ චමත්කාර ආරම්භක සැණකෙළිය නිමා විය.

එළැඹෙන ජනවාරි 13 වන දා සමාරම්භයේ කලාත්මක වින්දනය වෙනුවට බුබනේෂ්වර් කාලිංග ක්‍රීඩාංගණයේ මෙන්ම,ප්‍රධාන ක්‍රීඩාංගණය වන රුර්කෙලා හී බිස්රා මුන්දා හොකී ක්‍රිඩාංගණයේදී ද ලෝකයේ ඉහළම රගර් දස්කම්වලට අවස්ථාව විවෘත වීමට නියමිතය.ඒ අපූර්වත්වයේ අවසානය සටහන් කරමින් මෙවර හොකී සම්මේලන කුසලානය රැඟෙන යන ලෝක සූරයන් කවුරුන්ද යන්න තීරණය කිරීමේ අවසාන තරගව පැවත්වීමට නියමිතව ඇත්තේ ජනවාරි 29 දා ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...