නීලා ගැන වසර 8 කට පෙර අවුරුදු 12 ක පාසල් සිසුවා කියූ කඳුළු කතාව

Date:

ලක්ෂ්මන් විජේසේකර වියෝගයට පසු මා කිසිවක් නොලීවෙ එය ලියන්න බැරි නිසා , ඔහුගේ වියෝගය එතරම්ම රුදුරු වූවක් නිසා , ජීවිතය එපාවන අන්තිම කටුකම සිදුවීම වූ නිසා , ඔහු KDU රෝහලේ අවසන් දින ගතකල අයුර කම්පාවෙන් මා බලා සිටියා , ඒ සොවින් පිටව ගෙදර ට ගොඩ වෙද්දී රෝහණ වීරසිංහයන් ඒ පුවත සැල කළා . මම එහෙමම ආවා . අදටත් LNW චන්දිම මගෙන් ලකී අය්යා ගේ ලිපිය ඉල්ලනවා , තාමත් මට එය ලියන්න හය්යක් නෑ.

ඒත් නීලා අක්කා හොඳින් සිටියදී මා 2013 හෝ 2014 පමණ “රෑ ඉරපාන ” ට ඈ ගැන කළ කතන සටහන ඉන්දු ජයසුන්දර ශදිනිය විසින් එවා තිබුනා එය ඇසූ විට මට මහත් කම්පාවක් ඇති වුනා ,

තව සිදුවීමක් ද සිහි වුනා මේ කථනය ඉවර වනතුරු අහන්න , එසේ නොඇසූ හෝ අසා තම සුනඛ ව්‍රතය පෙන්වූ අයෙක් නීලා අක්කාට පවසා තිබුනේ “අන්න බන්ධුලගේ රෑ ඉර පානෙ අක්කට හූ තියල පල් කරපු සිද්ධියක් කිව්වා ” යන්නයි , ඕනෑම දෙයකට විවෘතව සහ වහාම ප්‍රතිචාර දක්වන නීලා අක්කා ඉතා කනගාටුවෙන් මා අමතා මේ කියූ බස කීවා

“අක්ක program එක ඇහුවද ?”

“නෑ මල්ලි ”

“එහෙනං අහන්න අක්කෙ , මට අක්කට උත්තර දෙන්න දුකයි , මොකද මම program එක voice කරද්දී ඇඩුවා , කපිල විතරක් නෙමේ ඒ වෙලාවේ studio සිටි නෙලුත් දැක්කා ” ඈ වැඩසටහන net එකෙන් අසා මට කතා කළා “මම දන්නව බන්ධුල මල්ලි මට කොච්චර ආදරේද කියල , මට විතරක් නෙමේ ඕනෙම artist කෙනෙකුට , මට සමාවෙන්න මල්ලි , මම ඉක්මන් වුනා විතරක් නෙමේ මාත් ඒක අහල ඇඩුවා !”

ඒ සේරම දැන් සිහිනයක් විතරයි නීලක්කේ …! එච් ඩී ප්‍රේමරත්නයන්ගෙ “දෙවැනි ගමනෙ ” ධර්මසිරි ගමගේ තාත්ත ඔබට ලියාදුන් , කේමදාසයන් තනු හදා දුන් “චාමර සැළුනාවේ ” ගීයේ වගේ ඔබ

“සුරංගනා සුළං දැලේ ” දැන් ඇති .

ඒ තුන්දෙනාත් ඔබට හමු වේවි !!!

මේ සේරම මොනතරම් සුරංගනා සුළං රොදවල්ද ?

-බන්ධුල නානායක්කාරවස​ම්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර...

ඉන්දියාවේ මදුරෙයිහි සිට බිලියනපතියකු දක්වා ගූගල් ප්‍රධාන විධායක නිලධාරියාගේ ගමන් මඟ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ කුඩා නගරයක...

කෝපා සභාපති පුටුවට රවී ??

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය සඳහා...

චිචීගේ රොකට් එකට රජයේ මුදල් යොදවා නෑ. එයින් රටට වාර්ෂිකව කෝටි සිය ගණනින් ආදායම් ලැබිලා – අගමැති හරිනි

චිචීගේ රොකට් එක නමින් ප්‍රසිද්ධියට පත්වූ සුප්‍රීම් සැට් සන්නිවේදන...