හරීන්ගේ තීරණයක් නිසා සංචාරක කර්මාන්තය අනතුරක! (VIDEO)

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගනු ලැබූ තීන්දුවක් හේතුවෙන් සංචාරක කර්මාන්තය යළි අනතුරට ලක්ව තිබෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

කොවිඩ් 19 සම්බන්ධයෙන් එන්නත් ලබාගෙන නැති සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර පැය 72ක් කාලයක් තුළ ලබාගත් PCR වාර්තාවක් අනිවාර්ය කිරීම හරහා එම අනතුර මතුව තිබෙන බවයි වීරතුංග මහතා සඳහන් කරන්නේ.

මේ වන විට 25%කට වැඩියෙන් රුසියානු සංචාරකයින් මෙරටට පැමිණෙන අතර රුසියානුවන් කොවිඩ් 19 එන්නත වැඩි වශයෙන් ලබාගෙන නැති බවද ඔහු පවසයි.

සංචාරක ඇමතිවරයා ලෙස මෙවැනි තීන්දු හදිසියේ නොගෙන සෞඛ්‍ය අංශ මෙන්ම සංචාරක කටයුතුවලට අදාළ ප්‍රධානීන් සමඟද සාකච්ජා කර තීන්දුවක් ගැනීමට තිබුණු බවයි හෙතෙම පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...