බලයලත් නියෝජිතයින් පත් කර අවසන්…

Date:

මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබෙන්නේ අද (15) දිනය තුළ පළාත් පාලන මැතිවරණය සඳහා බලයලත් නියෝජිතයින් පත් කර අවසන් කරන ලෙසයි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ අදාළ පත්කිරීම් තේරීම්භාර නිලධාරීන් වෙත යොමු කළ යුතු බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ 20ක් පමණ මේ වන විටත් ඇප මුදල් තැන්පත් කර ඇති අතර තවත් පක්ෂ බොහෝ දිස්ත්‍රික්කවල සියලුම පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කර ඇතැයි ආරංචි මාර්ග ලැබී ඇත.

තවද කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව කියයි.

සමගි බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒ පිළිබඳව සියලු කැමැත්ත තීරණය කර ඇති බව වාර්තා වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...

ශ්‍රී ලංකා – බ්‍රසීල ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...